Articles

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන දේශයක අනාගත නියමුවන් ගොඩනැංවීම අරමුණු කරගනිමින් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම හා පළමු සභා වාරය අගමැතිතුමන්ගේ සහ අධ්‍යාපන ඇමතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ජාතික තරුණ ‍සේවා සභාවේ දී ...

stuඅනාගත ශ්‍රී ලාංකීය පාසල් ශිෂ්‍ය ප්‍රජාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථා නිර්මාණය කරමින්, රට ගොඩනැංවීමේ කාර්යයට සෘජුව දායක වීමේ අවස්ථා ඔවුන් වෙත නිර්මාණය කර දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම හා මංගල සැසිවාරය ඔක්තෝබර් 28 සහ 29 දෙදින මහරගම ජාතික තරුණ ‍සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තු සභාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ සඳහා නියෝජිතයන් පත් කරනු ලබන්නේ අධ්‍යාපන කලාප මට්ටමින් පිහිටුවා ඇති ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය නියෝජිතයන් අතරින් නාමයෝජනා කැඳවා සුදුසුකම් ලත් නියෝජිතයන් ඡන්දය සඳහා ඉදිරිපත් කොට, වැඩිම ඡන්ද ලබාගන්නා ශිෂ්‍ය නියෝජිතයන් අතරිනුයි. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් හා අංග ලක්ෂණ ප්‍රායෝගික ව අත්දකිමින් සහ අත්විඳිමින් සිසුන්ට ස්වකීය කුසලතා සහ ආකල්ප සංවර්ධනය කරගැනීමට මේ හරහා පැහැදිලි පිටුබලයක් ලබාදේ.

ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිය ඔක්තෝබර් 28 දින ප.ව 2.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, දෙවැනි සභාවාරය ඔක්තෝබර් 29 දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මැතිතුමා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ව පවතී.