Articles

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනාට සෙත් පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සංඝගත දක්ෂිණාවක්

pirithඅධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවල සේවක මහත්ම මහත්මීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනාටත් සෙත් පතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මගපෙන්වීම හා උපදෙස් ඇතිව සංවිධානය කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පසුගියදා (07) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි.

pirith2 pirith3

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු නිලධාරී මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 07 දින රාත්‍රි‍යේ සිට 08 දින පහන් වනතුරු පැවති මෙම පරිත්‍රාණ ධර්ම දේශනයෙන් පසු  (08) දින පෙරවරුවේ භික්ෂූන් වහන්සේලා 25 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද ඉසුරුපාය බිම්මහලේ දී පවත්වනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුබසාධක සංගමය විසින් පිරිත් පින්කම සහ සංඝගත දක්ෂිණාව ඇතුළත් මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබුණි.