Articles

ත්‍රිපිටකාභිවන්දනා සතියට අධ්‍යාපන අමාත්‍යාංශයත් එක් වෙයි

3pitදීපව්‍යාප්ත සියලු රජයේ කාර්යාලවල මාර්තු මස 16 දින සිට 23 දක්වා සතිය ත්‍රිපිටකාභිවන්දනා සතිය ලෙස සැමරීමට පියවර ගෙන තිබූ අතර, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයද එක්වුණි.

ඒ අනුව, ධර්ම දේශනා, විශේෂ ආගමික වත්පිළිවෙත් ඇතුළු බෞද්ධාගමික වැඩසටහන් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය තුළ ද ක්‍රියාත්මක කෙරුණි.

අධ්‍යාපන අමාත්‍යංශය මෙන් ම ඒ හා අනුබද්ධ ආයතන වන ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ , ගුරුවිද්‍යාල ,පිරිවෙන්, පාසල් ඇතුළු සියලු අධ්‍යාපන ආයතනවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ අතර, අද (23) පෙරවරුවේ ධර්මදේශනාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.

3K1A1921
3K1A1929-1
3K1A1872-1
3K1A1863
3K1A1844
3K1A1819-1
3K1A1827
3K1A1819
3K1A1810
3K1A1807