Latest News

3K1A9504

පාසල් දරුවන්ට පෙළපොත් ලබා දීම නිසිකළට විධිමත් ක්‍රමවේදයකින් හා වගකීමකින් සිදුකළ යුතු කාර්යයකි. -අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම්

දරුවන් අතට කල්වේලා ඇතිව විධිමත් ක්‍රමයකට පාසල් පෙළපොත් ලබා දීම වගකීමෙන් ඉටුකළ යුතු වැදගත් කාර්යයක් වුව ද පසුගිය වසරේ දින 52ක පාලන කාලයේ අධ්‍යාපන වගකීම භාරගත් අය, පොත් නියමිත වේලාවට බෙදාහැරීම වෙනුවට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පෙළපොත්වල අන්තර්ගත කර තිබූ තමාගේ පණිවිඩය ඉවත්කොට ඒ වෙනුවට හිස්කොළයක් ඇතුළත් කිරීමට උත්සාහ කිරීම නිසා නිසි කලට බෙදා දීමට තිබූ අවස්ථාව මඟහැර දමන ලද බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය .

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ 2020 වර්ෂය සඳහා පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක උත්සවය අමතමිනි. පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් ගබඩා සංකීර්ණයේ දී පසුගියදා (16) මෙම උත්සවය පැවැත්විණි.

Read more ...

13yrs

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනට අලුතින් ගුරුවරුන් 5000ක් ...

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් - අසමත්භාවය නොසලකා සෑම සිසුවෙකුට ම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් හිමිකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා තවත් ගුරුවරුන් පන්දහසක් අලුතින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

මෙම ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරන ලද බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ට දැනුම් දී ඇත.

2020 වර්ෂය සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක උත්සවයේ දී අමාත්‍යවරයා අද (2019-08-16) ඒ බව ප්‍රකාශ කළේය.

Read more ...

schol

පහේ ශිෂ්‍යත්වය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් Online ක්‍රමයට

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදී ම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම වාර්ෂිකව සිදු කෙරේ. ශිෂ්‍යත්ව සමතුන් වෙත මෙසේ ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන ක්‍රියාවලියකි.

සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිසුන්ට අපහසුවක් නොවන ආකාරයට නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කිරීම සඳහා තාක්ෂණය සහාය කරගනිමින් පියවර ගන්නා ලෙස පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

Read more ...

Learn-English ad3a1

සතියකට එක් දිනක් සියලු පාසල්වල සන්නිවේදන කටයුතු ඉංග්‍රීසියෙන්...

ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජයගත හැකි පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලබා දී ඇති විෂය මාලාව වඩාත් ඵලදායී ව භාවිත කරමින් ඉංග්‍රීසි භාෂාවට අදාළ ඉගෙනුම් සැලසුම් සකස්කර පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරතවන ගුරුවරුන් සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් නිකුත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇත. එම උපදෙස් සංග්‍රහය අනුව ඉදිරියේ දී සිසුන්ගේ සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට සතියකට එක් දිනක් සියලු පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනයක් ලෙස පැවැත්වීමට ද යෝජනා කර ඇත.

Read more ...

book distribution

2020 වසර සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීම අගෝස්තු 16 වෙනිදා ඇරඹේ.

රජයේ සියලු පාසල් සිසු දරුවන්ට හා පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේහට 2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම 2019 අගෝස්තු 16 වැනිදා සිකුරාදා නිල වශයෙන් ඇරඹේ.

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව. 10.30 ට හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පෙළ පොත් බෙදාහැරීමේ නිල උත්සවය පැවැත්වේ.

2019 වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර සමස්ත පාසල් දරුවන්ට 2020 වසර සඳහා පෙළ පොත් ලබාදීම හා ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාදිය යුතු බවට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

Read more ...

barr

ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ගේ උසස්වීම් සඳහා පැවති බාධා අවසන්..

වසර ගණනාවක් පැවැති බාධා ඉවත් කර සේවා අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවස්ථා හිමිකර දීමට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා මැදිහත්වීම නිසා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ට උසස්වීම් ලබාගැනීමට ඉඩ සැලසී ඇත.

ගුරු අධ්‍යාපනඥ සේවයේ III පන්තියේ සිට I පන්තිය දක්වා නිලධාරීන්ට සිය ඊළඟ උසස්වීම් සඳහා සම්පූර්ණ කළ යුතු ධාරිතා සංවර්ධන පාඨමාලාව අවුරුදු ගණනාවක් තිස්සේ නොපැවැත්වීම හේතුවෙන් ඔවුනට උසස්වීමට බාධා හා ගැටලු මතු වී තිබිණි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගත් අධ්‍යාපන අමාත්‍යවරයා 2017 වර්ෂයේ දී ධාරිතා සංවර්ධන පාඨමාලාව පැවැත්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව පළමුවැනි කණ්ඩායම එම පාඨමාලාව මේ වනවිට සාර්ථක ලෙස අවසන් කර ඇත.

ඒ අනුව අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විදුහල් සහ ගුරු මධ්‍යස්ථානවල සේවය කරන ගුරු අධ්‍යාපනඥයින්ට, නියමිත පන්තියට උසස්වීම් ලබාගැනීමට අවස්ථා හිමි වේ.

data

ඉතිහාසයේ පළමු වරට ගුරු-සිසු තොරතුරු Online ක්‍රමයට...

පාසල් පද්ධතිය සක්‍රීය ව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරක ම ජුනි මාසය වනවිට ලබාගන්නා පාසල් සංගණනය මගිනි. එහෙත් තොරතුරු තාක්ෂණයේ ප්‍රවණතා සමග අනාගතය වෙත පිවිසෙමින් සිටින යුගයක ඉතා ඉක්මණින් සහ වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකිවන පරිදි Online ක්‍රමයට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

Read more ...

usa

පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය

ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි ශ්‍රම බලකායක් බිහි කර ගනිමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය (Alaina B. Teplitz) අතර සාකච්ඡාවක් අද (08) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.

Read more ...

min

ජීව විද්‍යාව විෂය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර අවසන්... - අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්

මාස ගණනකට පෙර තමන් ජීව විද්‍යාව විෂය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්වන ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, එහි ශාස්ත්‍රීය සභාවේ සභාපති, විෂය නිර්දේශයට අදාළ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය අධ්‍යක්ෂවරු, විභාග කොමසාරිස් ජනරාල් ඇතුලු සියලුම පාර්ශව මෙන් ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයත් කැඳවා, පවතින විවේචන පිළිබඳ ව පැය තුන හතරකට අධික කාලයක් සිදු කළ සාකච්ඡාවේ දී මාධ්‍ය ඇතුලු නොයෙක් දෙනා ජීව විද්‍යා විෂය නිර්දේශය පිළිබඳව ප්‍රකාශ කරන දේ යථාර්ථයක් නොවන බව පැහැදිලි වූ බැවින්, එම ගැටලුව එදිනම විසඳීමට අවශ්‍ය පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ, ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගැටලු පවතින බව සඳහන් කරමින් ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් නඟන ලද වාචික අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Read more ...

minister1

ටියුෂන් ගුරුවරුන්ට ඉගැන්වීමට පහසු වන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකියි -අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්

ටියුෂන් සඳහා හෝ ටියුෂන් ගුරුවරුන් ට ඉගැන්වීමට පහසු වන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකි බවත්, ජීව විද්‍යාව විෂය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර තිබෙන බවත්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (06) ප්‍රකාශ කළේය.

ජීව විද්‍යාව විෂය නිර්දේශය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙහි සඳහන් වූ කරුණු අසත්‍ය හා පදනම් විරහිත බව ද අමාත්‍යවරයා පැවසුවේය.

2019 වසරේ සිට ජීව විද්‍යාව විෂය ධාරාවෙන් අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ට 2017 වසරේ සිට නව විෂය නිර්දේශය හඳුන්වා දී ඇති බවත්, එහි පිටපත් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂා තුනෙන් ම ලබා දී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, විෂය ධාරා නවීකරණය කිරීමට ඇතැම් ගුරුවරු අකමැත්ත ප්‍රකාශ කරන බවත්, කාලීනව ගැලපෙන ආකාරයට විෂය ධාරා සංශෝධනය කර නවීකරණය කරන බවත් සඳහන් කළේය.

Read more ...