Latest News

dengue

2019 - නව පාසල් වාරය අවසන් වීමට පෙර හා දෙවන පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම දීප ව්‍යාප්ත පාසල් ඩෙංගු මදුරු මර්දන පවිත්‍රතා වැඩසටනක්

ඩෙංගු මදුරුවන් ගෙන් තොර පාසල් පරිශ්‍රයක් පවත්වා ගෙන යාම සඳහා නව පාසල් වාරය අවසන් කිරීමට ප්‍රථම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දීප ව්‍යාප්තව පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව 2019 පළමු පාසල් වාරය අවසන් වීමට පෙර හා දෙවන පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් දිවයිනේ සියලු පාසල් හා අධ්‍යාපන ආයතන තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read more ...

school

2019 වර්ෂයේ පළමු පාසල් වාරය අවසන් කිරීම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීම

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 05 වන සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වේ.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා අවසන් වන අතර, දෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ අප්‍රේල් මස 17වන බදාදාය.

 

sci

මැලේසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලියට හා ජපානයේ සකුරා විද්‍යා වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන්....

- මැලේසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සිසුන් සිවු දෙනෙක්...

- ජපානයේ සකුරා විද්‍යා වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් දහදෙනෙක්..

- සහභාගී වන සියලු සිසුන් වෙත අධ්‍යාපන ඇමති අතින් ගුවන් ටිකට්පත්

රුසියාව, ජර්මනිය, චීනය, නෙදර්ලන්තය ප්‍රමුඛ රටවල් 35ක පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් 26 වැනි වරටත් පැවැත්වෙන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලිය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2019 අප්‍රේල් 19-25 දිනයන්හි දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් සිව්දෙනෙකු සහභාගී වීමට නියමිතය. මේ සඳහා සිසුන් තෝරාගෙන ඇත්තේ, පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමින් විද්‍යාත්මක පර්යේෂණ පත්‍ර හා ඒවායේ ඉදිරිපත්කිරීම් විශිෂ්ට ලෙස ඉදිරිපත් කරන ලද ද්විතීයික ශ්‍රේණිවල සිසුන් අතරිනි.

Read more ...

new sec1

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා වැඩ බාර ගනී

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පසුගියදා (01) වැඩ බාර ගන්නා ලදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳවත්, රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති ඒ මහතා වසර 27 කට වැඩි කාලයක් පරිපාලන සේවයේ නොයෙකුත් ධූර දැරූ රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

1991 වර්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස පළමු පත්වීම ලද ඒ මහතා සහකාර දිස්ත්‍රික් ලේකම්, වයඹ පළාත් සහකාර ලේකම්, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ වැනි පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් විවිධ තනතුරු දරන ලදී.

Read more ...

min

සාමාන්‍ය පෙළ සමත්වුවත්, අසමත් වුවත් කිසිම දරුවෙක් පාසල් පද්ධතියෙන් ඉවත් කරන්නේ නැහැ... අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටි සියලු දරුවන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

විෂයයන් කිහිපයක් තුළ කොටු වූ , විවිධ දක්ෂතා ඇති සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද සාර්ථක ලෙස අනාගතය ජයගත හැකි ලෙස අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පියවර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන තිබේ. ඒ, පිරුණු හැකියාවක් දිනන හැකියාවක් යන තේමාව යටතේ අ.පො.ස උසස් පෙළ සඳහා හඳුන්වා දී ඇති විෂයන් 26 ක වෘත්තීය ප්‍රවේශ නව විෂය මාලාව හරහායි.

ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් මෙන්ම අසමත් දරුවන්ට ද සුබවාදී බලාපොරොත්තු දල්වා ගනිමින්, අනාගත අභියෝග ජයගනිමින්රැකියා ලොව ජයගත හැකි සාර්ථක පුරවැසියෙකු වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවත්, සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩඉම් විභාගයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර සියලු විෂයයන් සඳහා Aසාමාර්ථ ලබාගත් දරුවන්ට මෙන් ම සියලු විෂයයන් අසමත් වූ දරුවන් වෙත ද එක සේ සුබ පැතුම් එක් කිරීමට හැකි වීම සතුටට කරුණක් බවඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read more ...

lib

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට සාහිත්‍ය පාලමක්..... ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ග්‍රන්ථ පරිවර්තන කාර්යයට පිවිසෙයි

මෙරට ග්‍රන්ථ ප්‍රකාශන ක්‍රියාදාමය තුළ පුළුල් කාර්යභාරයක නිරත ව සිටින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකිරීමෙහි ලා භාෂාව හා සාහිත්‍යය යොදාගැනීම වෙනුවෙන් වන සුවිශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට සාහිත්‍ය පාලමක් නමින් සංවිධානය කර ඇති ග්‍රන්ථ පරිවර්තන ව්‍යාපෘතියයි. මෙම ග්‍රන්ථ පරිවර්තන ව්‍යාපෘතියේ සමාරම්භය සහ අදාළ ලේඛක මණ්ඩලය සමඟ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.

මෙම පරිවර්තන ව්‍යාපෘතිය මඟින් සිංහල බසින් ලියැවුණු පොත් දෙමළ භාෂාවටත්, දෙමළ බසින් ලියැවුණු පොත් සිංහල භාෂාවටත් ඉංග්‍රීසි බසින් ලියවී ඇති තෝරාගත් කෘති කිහිපයක් සිංහල සහ දෙමළ භාෂාවන්ටත්,

Read more ...

received 2139333059521223

සිසුවෙකු ඇතුළත් කිරීමට අල්ලස් ගත් බවට චෝදනා ලැබූ අමාත්‍යාංශ නිලධාරිනියකගේ රාජකාරි වැඩ තහනම්

ගාල්ල ප්‍රදේශයේ ජාතික පාසලකට සිසුවියක ඇතුලත් කිරීම සඳහා අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේඛන සහකාර තනතුරේ කටයුතු කළ නිලධාරිනියකගේ රාජකාරි වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

දරුවෙකු ඇතුලත් කිරීම සඳහා අල්ලස් ලබා ගත් බවට ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

Read more ...

04

ආසියානු පැසිපික් ළමා සමුළුවට සමගාමී ව පැවැත්වෙන ජපන් දුත කණ්ඩායම් හුවමාරු වැඩසටහන යටතේ නියෝජිතයන් 18 දෙනෙකුට ශ්‍රී ලංකාවෙන් සත්කාර

ජාතින් අතර සාමය සහජීවනය ඉහළ නැංවීමේ අරමුණින් 1989 වසරේ සිට වාර්ෂික ව ජපානයේ ෆුකෝකා නගරයේ පැවැත්වෙන ආසියානු පැසිෆික් ළමා සමුළුවට සමගාමී ව එහි එක් වැඩසටහනක් ලෙස පැවැත්වෙන දූත කණ්ඩායම් හුවමාරු වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ [25] අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත් විනි.

මෙම දුත කණ්ඩායම් හුවමාරු වැඩසටහන් යටතේ ආසියානු පැසිපික් සමුළුවේ සාමාජිකත්වය දරන රටවල් 50 අතුරින් තෝරාගත් රටවල් කිහිපයකට ජපාන ශිෂ්‍යයින්ගෙන් හා වැඩිහිටියන්ගෙන් සමන්විත දූත පිරිස් යැවීම වාර්ෂිකව සිදුකෙරෙන අතර, මෙවර ශ්‍රී ලංකාව ද සත්කාරක රටක් ලෙස තෝරාගෙන තිබේ.

Read more ...

ol

අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනි දා නිකුත් වෙයි


2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස 28 වැනි දා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

සෑම වසරක ම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දින පවත්වාගෙන යාමට සහ එමඟින් ප්‍රමාදයකින් තොර ව නිසිකලට සියලු අපේක්ෂකයින් වෙත විභාග ප්‍රතිඵල ලබාදීමට පියවර ගැනීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය වසර කිහිපය තුළ විශේෂ අවධානය යොමු කරනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ පැවැත්වෙන සියලු විභාගවල ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව වසරේ නිශ්චිත දිනයන්හි දී ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

Read more ...

3pit

ත්‍රිපිටකාභිවන්දනා සතියට අධ්‍යාපන අමාත්‍යාංශයත් එක් වෙයි

දීපව්‍යාප්ත සියලු රජයේ කාර්යාලවල මාර්තු මස 16 දින සිට 23 දක්වා සතිය ත්‍රිපිටකාභිවන්දනා සතිය ලෙස සැමරීමට පියවර ගෙන තිබූ අතර, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයද එක්වුණි.

ඒ අනුව, ධර්ම දේශනා, විශේෂ ආගමික වත්පිළිවෙත් ඇතුළු බෞද්ධාගමික වැඩසටහන් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය තුළ ද ක්‍රියාත්මක කෙරුණි.

අධ්‍යාපන අමාත්‍යංශය මෙන් ම ඒ හා අනුබද්ධ ආයතන වන ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ , ගුරුවිද්‍යාල ,පිරිවෙන්, පාසල් ඇතුළු සියලු අධ්‍යාපන ආයතනවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ අතර, අද (23) පෙරවරුවේ ධර්මදේශනාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more ...