Latest News

principal-image

කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට විධිමත් පියවර.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් 354න් 302 ක විදුහල්පතිධූර සදහා නිත්‍යානුකූල පත්කිරීම් වත්මන් පාලන කාලය තුළ මගහරිමින් සිටිනුයේ එළඹෙන මැතිවරණවලදී තම ආණ්ඩුවට වාසිවන අයුරින් මෙම විදුහල්පතිවරුන් හා පාසල් ප්‍රජාව මෙහෙයවීමට බව පවසමින් ලංකා ගුරු සේවා සංගමය ජනතාව නොමග යැවීමට දරණ උත්සාහය තරයේ හෙලා දකිමු.

වත්මන් රජය බලයට පත් වූ පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු තනතුරු සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විධිමත් ක්‍රියාවලියක් අනුව අවශ්‍ය බඳවාගැනීම් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගත්තේය.

Read more ...

vishvoda

විශ්වෝදා සිසු අයිතියට...

- ‘විසි එක්වැනි සියවසේ අභියෝගයන්ට මුහුණ දිය හැකි අයුරින් මෙරට අධ්‍යාපනය යාවත්කාලීන කළ යුතුයි ’ - ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා

- ‘විශ්වෝදා තුළින් අප බලාපොරොත්තු වන්නේ සීමා මායිම් පසුකර විශ්වය ම ජයගන්නා දරුවන් බිහිකරන්නටයි’ - ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා

විසිඑක්වැනි සියවසේ අභියෝගයන්ට මුහුණ දිය හැකි අයුරින් මෙරට අධ්‍යාපනය යාවත්කාලීන විය යුතු බවත්, ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතුව පවතින බවත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (13) කුරුණෑගල මගුරුඔය වත්තේ විශ්වෝදා විද්‍යාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

Read more ...

vishoda

නිදහස් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ලබාදුන් තවත් පොරොන්දුවක් ඉටු කරමින් කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය හෙට (13) සිසු අයිතියට...

කුරුණෑගල මගුරුඔයවත්තේ අභිනවයෙන් ඉදිකරන ලද විශ්වෝදා විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන්, ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමන්ගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගුරුඔයවත්ත ප්‍රදේශයේ මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

Read more ...

cms

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ නව පිහිනුම් තටාකය සිසු අයිතියට...

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය ඊයේ (12) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේ දී සිසු අයිතියට පත්කෙරුණි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මකවන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය මෙරට පාසල් පද්ධතිය භෞතික හා මානව සම්පත් සමඟ සංවර්ධනය කරමින් රටේ සියලු දරුවන් ට සාධාරණ වූත් ගුණාත්මකවූත් අධ්‍යාපන අවස්ථා ළඟා කරදීම වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක ව ඇති විශාලත ම ව්‍යාපෘතියයි.

Read more ...

tab

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන සූදානම් ...

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1AB ,කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළ වී තිබේ.

නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද මහතා ද එකඟතාව පළ කර තිබේ.

Read more ...