Latest News

su

2019 වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි අධ්‍යාපන අමාත්‍යාංශය ඊට අදාළ එකඟතා ගිවිසුමට එළඹෙයි

සුරක්ෂා රක්ෂණය 2019 වසර සදහා ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (03) අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරුණි. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතාත් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා සුරේඛා අලස් මහත්මියත් එම ගිවිසුමට අත්සන් තැබීය.

2018 වසරේ දෙසැම්බර් පළමුවන දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය ඒ අනුව, ගිවිසුම් ප්‍රකාර ව එකඟතාව පළ කරන ලදී. පසුගිය වසරේ දී සුරක්ෂා රක්ෂණය ලබා දීමේ දී ලද අත්දැකීම් සහ හඳුනාගත් කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම අනුව වැඩි ප්‍රතිලාභ සිසුන්ට හිමිවන පරිදි මෙවර අදාළ රක්ෂණ ආයතනය සමඟ ගිවිසුමට එළඹීම සිදුවුණි.

Read more ...

spm

‘තාක්ෂණය සහ දැනුම සමඟ ඉදිරියට යන්නට අපේ දරුවන්ට අවස්ථා ලබාදිය යුතුයි’ - ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

‘උසස් පෙළට පමණක් නොවෙයි, අනාගතයේ දී අනෙක් ශ්‍රේණිවලටත් ටැබ් පරිගණක ලබාදෙන්නට පියවර ගන්නවා ’

- ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

වර්තමානයේ ලොව සියලු ක්ෂේත්‍ර තුළින් ඉදිරියෙන් සිටින්නේ දැනුම, තාක්ෂණය සපිරි රටවල් බවත්, අපේ දරුවන් ද අද පිවිස සිටින්නේ තාක්ෂණය සමඟ ස්මාර්ට් (smart) යුගයකට බවත්, තවත් වසර 10ක් පමණ ගතවනවිට මෙය ද වෙනස්විය හැකි බවත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය.

මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ඊයේ (03) පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කරන ලදී  . මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

 

spm1 spm2

නැනෝ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, වෛද්‍ය තාක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තාක්ෂණය මේ වනවිට සංවර්ධනය වී ඇති බවත්, තාක්ෂණය සහ දැනුම සමඟ ඉදිරියට යන්නට අපේ දරුවන්ට පුළුල් ඉඩ ප්‍රස්ථා ලබාදිය යුතු බවත්, විශේෂයෙන් ම පාසල්වල උසස් පෙළට හඳුන්වා දී ඇති වෘත්තීය විෂය ධාරාව මේ සඳහා හොඳ පිටුබලයක් වනු ඇති බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, උසස් පෙළට මෙන් ම අනෙකුත් පන්තිවල දරුවන්ට ද අනාගතයේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා බවයි.

තාක්ෂණය සමඟ ලෝකය දිනෙන් දින වෙනස් වන බවත්, අද වැඩිහිටියන් යෙදෙන රැකියාවන්ට වඩා අනාගතයේ දී දරුවන්ට නිරතවන්නට සිදුවන රැකියා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගන්නා බවත්, ඔවුන්ට එවන් අනාගතයකට මුහුණ දිය හැකි දැනුමින් සන්නද්ධ කරවීම‍ට පියවර ගත යුතු බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

spm3 spm4

පොත් බෑගයක් වෙනුවට ටැබ් පරිගණකයක් සමඟ පාසල් එන්නට අවස්ථාව ඉදිරියේ දී ලබාදෙන්නට පියවර ගන්නා බවත්, අමතර කියවීම් පොත්, eඉගෙනුම්, e - ටියුෂන් ආදී පහසුකම් ඒ හරහා දරුවන්ට ලබාගැනීමට ඒ අනුව ඉඩ ප්‍රස්ථා සලසාදිය හැකි බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය නගාසිටුවිය හැකි නිපුනතා සපිරි විදුහල්පතිවරුන් පද්ධතිය තුළ සිටිය යුතු බවත්, ඒ වෙනුවෙන් පසුගිය සමයෙහි පැවති විදුහල්පතිවරුන් බඳවාගැනීමේ ක්‍රමවේද වෙනුවට වඩාත් සාධාරණ හා ප්‍රායෝගික වූ බඳවාගැනීමේ ක්‍රමවේද අනුගමනය කරන්නට පියවර ගත් බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

මෙහිදී පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද සහ නවීකරණය කරන ලද පාසලේ ප්‍රධාන ශාලාව සහ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

dengue

2019 - නව පාසල් වාරය අවසන් වීමට පෙර හා දෙවන පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම දීප ව්‍යාප්ත පාසල් ඩෙංගු මදුරු මර්දන පවිත්‍රතා වැඩසටනක්

ඩෙංගු මදුරුවන් ගෙන් තොර පාසල් පරිශ්‍රයක් පවත්වා ගෙන යාම සඳහා නව පාසල් වාරය අවසන් කිරීමට ප්‍රථම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දීප ව්‍යාප්තව පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව 2019 පළමු පාසල් වාරය අවසන් වීමට පෙර හා දෙවන පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් දිවයිනේ සියලු පාසල් හා අධ්‍යාපන ආයතන තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read more ...

school

2019 වර්ෂයේ පළමු පාසල් වාරය අවසන් කිරීම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීම

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 05 වන සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වේ.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා අවසන් වන අතර, දෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ අප්‍රේල් මස 17වන බදාදාය.

 

sci

මැලේසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලියට හා ජපානයේ සකුරා විද්‍යා වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන්....

- මැලේසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සිසුන් සිවු දෙනෙක්...

- ජපානයේ සකුරා විද්‍යා වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් දහදෙනෙක්..

- සහභාගී වන සියලු සිසුන් වෙත අධ්‍යාපන ඇමති අතින් ගුවන් ටිකට්පත්

රුසියාව, ජර්මනිය, චීනය, නෙදර්ලන්තය ප්‍රමුඛ රටවල් 35ක පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් 26 වැනි වරටත් පැවැත්වෙන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලිය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2019 අප්‍රේල් 19-25 දිනයන්හි දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් සිව්දෙනෙකු සහභාගී වීමට නියමිතය. මේ සඳහා සිසුන් තෝරාගෙන ඇත්තේ, පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමින් විද්‍යාත්මක පර්යේෂණ පත්‍ර හා ඒවායේ ඉදිරිපත්කිරීම් විශිෂ්ට ලෙස ඉදිරිපත් කරන ලද ද්විතීයික ශ්‍රේණිවල සිසුන් අතරිනි.

Read more ...

new sec1

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා වැඩ බාර ගනී

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පසුගියදා (01) වැඩ බාර ගන්නා ලදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳවත්, රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති ඒ මහතා වසර 27 කට වැඩි කාලයක් පරිපාලන සේවයේ නොයෙකුත් ධූර දැරූ රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

1991 වර්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස පළමු පත්වීම ලද ඒ මහතා සහකාර දිස්ත්‍රික් ලේකම්, වයඹ පළාත් සහකාර ලේකම්, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ වැනි පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් විවිධ තනතුරු දරන ලදී.

Read more ...

min

සාමාන්‍ය පෙළ සමත්වුවත්, අසමත් වුවත් කිසිම දරුවෙක් පාසල් පද්ධතියෙන් ඉවත් කරන්නේ නැහැ... අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටි සියලු දරුවන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

විෂයයන් කිහිපයක් තුළ කොටු වූ , විවිධ දක්ෂතා ඇති සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද සාර්ථක ලෙස අනාගතය ජයගත හැකි ලෙස අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පියවර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන තිබේ. ඒ, පිරුණු හැකියාවක් දිනන හැකියාවක් යන තේමාව යටතේ අ.පො.ස උසස් පෙළ සඳහා හඳුන්වා දී ඇති විෂයන් 26 ක වෘත්තීය ප්‍රවේශ නව විෂය මාලාව හරහායි.

ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් මෙන්ම අසමත් දරුවන්ට ද සුබවාදී බලාපොරොත්තු දල්වා ගනිමින්, අනාගත අභියෝග ජයගනිමින්රැකියා ලොව ජයගත හැකි සාර්ථක පුරවැසියෙකු වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවත්, සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩඉම් විභාගයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර සියලු විෂයයන් සඳහා Aසාමාර්ථ ලබාගත් දරුවන්ට මෙන් ම සියලු විෂයයන් අසමත් වූ දරුවන් වෙත ද එක සේ සුබ පැතුම් එක් කිරීමට හැකි වීම සතුටට කරුණක් බවඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read more ...

lib

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට සාහිත්‍ය පාලමක්..... ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ග්‍රන්ථ පරිවර්තන කාර්යයට පිවිසෙයි

මෙරට ග්‍රන්ථ ප්‍රකාශන ක්‍රියාදාමය තුළ පුළුල් කාර්යභාරයක නිරත ව සිටින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකිරීමෙහි ලා භාෂාව හා සාහිත්‍යය යොදාගැනීම වෙනුවෙන් වන සුවිශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට සාහිත්‍ය පාලමක් නමින් සංවිධානය කර ඇති ග්‍රන්ථ පරිවර්තන ව්‍යාපෘතියයි. මෙම ග්‍රන්ථ පරිවර්තන ව්‍යාපෘතියේ සමාරම්භය සහ අදාළ ලේඛක මණ්ඩලය සමඟ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.

මෙම පරිවර්තන ව්‍යාපෘතිය මඟින් සිංහල බසින් ලියැවුණු පොත් දෙමළ භාෂාවටත්, දෙමළ බසින් ලියැවුණු පොත් සිංහල භාෂාවටත් ඉංග්‍රීසි බසින් ලියවී ඇති තෝරාගත් කෘති කිහිපයක් සිංහල සහ දෙමළ භාෂාවන්ටත්,

Read more ...

received 2139333059521223

සිසුවෙකු ඇතුළත් කිරීමට අල්ලස් ගත් බවට චෝදනා ලැබූ අමාත්‍යාංශ නිලධාරිනියකගේ රාජකාරි වැඩ තහනම්

ගාල්ල ප්‍රදේශයේ ජාතික පාසලකට සිසුවියක ඇතුලත් කිරීම සඳහා අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේඛන සහකාර තනතුරේ කටයුතු කළ නිලධාරිනියකගේ රාජකාරි වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

දරුවෙකු ඇතුලත් කිරීම සඳහා අල්ලස් ලබා ගත් බවට ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

Read more ...

04

ආසියානු පැසිපික් ළමා සමුළුවට සමගාමී ව පැවැත්වෙන ජපන් දුත කණ්ඩායම් හුවමාරු වැඩසටහන යටතේ නියෝජිතයන් 18 දෙනෙකුට ශ්‍රී ලංකාවෙන් සත්කාර

ජාතින් අතර සාමය සහජීවනය ඉහළ නැංවීමේ අරමුණින් 1989 වසරේ සිට වාර්ෂික ව ජපානයේ ෆුකෝකා නගරයේ පැවැත්වෙන ආසියානු පැසිෆික් ළමා සමුළුවට සමගාමී ව එහි එක් වැඩසටහනක් ලෙස පැවැත්වෙන දූත කණ්ඩායම් හුවමාරු වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ [25] අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත් විනි.

මෙම දුත කණ්ඩායම් හුවමාරු වැඩසටහන් යටතේ ආසියානු පැසිපික් සමුළුවේ සාමාජිකත්වය දරන රටවල් 50 අතුරින් තෝරාගත් රටවල් කිහිපයකට ජපාන ශිෂ්‍යයින්ගෙන් හා වැඩිහිටියන්ගෙන් සමන්විත දූත පිරිස් යැවීම වාර්ෂිකව සිදුකෙරෙන අතර, මෙවර ශ්‍රී ලංකාව ද සත්කාරක රටක් ලෙස තෝරාගෙන තිබේ.

Read more ...