Latest News

results

2018 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල අනුව විද්‍යා, ගණිත, ඉංජිනේරු සහ ජෛව තාක්ෂණ විෂයධාරාවල සිසුන්ගේ දක්ෂතා ඉහළට

- ඉංජිනේරු සහ ජෛව තාක්ෂණ විෂය හදාරණ සිසුන් සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක්.

- ප්‍රතිඵලත් ඉහලට

පසුගිය දා නිකුත් කරන ලද 2018 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල 2017 වර්ෂය සමග සලකා බැලීමේ දී විද්‍යා, ගණිත ඉංජිනේරු සහ ජෛව තාක්ෂණ විෂයධාරා හදාරණ සිසුන්ගේ දක්ෂතා ඉහළ යාමක් දක්නට ලැබේ.

2017 වර්ෂයේ දී ජීව විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 44,269 දෙනෙකු විභාගයට පෙනී සිට ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා 25,178 ක් සුදුසුකම් ලැබීය. එහි ප්‍රතිශතය 56.88% කි. 2018 වර්ෂයේ දී ජීව විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 46,244 දෙනෙකු විභාගයට පෙනී සිට ඇත. ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 27,402 ක් දක්වා ඉහල ගොස් ඇති අතර එහි ප්‍රතිශතාත්මක අගය 59.25% කි.

Read more ...

school-hoidays-in-Sri-Lanka

2019 වර්ෂයේ පාසල් වල පළමු වාරය ආරම්භ කිරීම

2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2019.01.02 වන බදාදා ආරම්භ වේ.

dengu

2019 නව පාසල් වාරය ආරම්භවීමට පෙර දෙසැම්බර් 30-31 දිනයන්හි සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ ඩෙංගු මර්දන වැඩසටහනක්

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ සීඝ්‍ර ලෙස පැතිර යන ඩෙංගු උවදුර වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ දැනුවත් කිරීම් මත දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read more ...

Vovcher

වවුචරවලින් නිල ඇදුම් මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වන නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග

තිළිණපත්වලින් නිල ඇදුම් මිලදී ගැනීමේ දී පාසල් සිසු දරු දැරියන් වෙත කිසිදු බලපෑමක් සිදු නොකර ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

ඒ ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් තෝරාගත් වෙළඳ ආයතන ප්‍රවර්ධනය කරන බවට සහ දෙමව්පියන් වෙත බලපෑම් සිදුකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන පැමිණීලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

Read more ...

ap

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ඇනහිට තිබූ උසස්වීම් ඇමති උපදෙස් මත ක්‍රියාවට නැංවෙයි- නිලධාරීන් 40 දෙනෙකුට පළමු පන්තියේ උසස්වීම්

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පසුගිය වකවානුව තුළ පැවති පුරප්පාඩු සැලකිල්ලට ගෙන 2017 වසරේ ජුලි සහ අගෝස්තු මාසවල පැවති සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල මත නිලධාරීන් 40 දෙනෙකුට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තිය සඳහා උසස්වීම් ලබාදීම අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් 2013-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තිය සඳහා නිලධාරීන් 79ක් උසස් කිරීම අනුමත කරන ලද අතර එම පත්වීම් ලිපි පසුගිය නොවැම්බර් මස (2018-09-19) අදාළ නිලධාරීන් වෙත ප්‍රදානය කෙරුණි.

Read more ...