Latest News

notice

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබූ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය 2019 ජනවාරි තෙක් කල් යයි.

2018 ‍දෙසැම්බර් 13 වැනි දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය 2019 ජනවාරි දක්වා කල් දමා ඇත.

වැඩි විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ගංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් අදාළ උපාධිලාභීන් වෙත ලිපි මලින් දැනුම් දීමට කටයුතු යොදා තිබේ.

notice

2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයට අදාළව උපකාරක පංති සංවිධානය කිරීම, සම්මන්ත්‍රණ, වැඩමුඵ පැවැත්වීම තහනම් කිරීම

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යොමු කර ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය - 2018 වර්ෂයට අදාළව 2018.11.27 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන 2018.12.12 දින දක්වා සම්පුර්ණ කාළය තුළ එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, සම්මන්ත්‍රණ, වැඩමුඵ පැවැත්වීම තහනම් වේ. 

john

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2018 උපාධි ප්‍රධානෝත්සවය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2018 උපාධි ප්‍රධානෝත්සවය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස

රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණි. ඒ,කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් මෙහිදී දෙදෙනෙක් දර්ශනපති උපාධි ද 213ක් පශ්චාත් උපාධි හා විද්‍යාපති උපාධි ද තවත් දහසක් ප්‍රථම උපාධි ද හිමිකර ගනු ලැබීය.

Read more ...

ora

තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් සඳහා වූ පරිගණක දත්ත පද්ධති සැලසුම් හා ක්‍රමලේඛණ පුහුණු පාඨමාලාව (Database Design and Programming using SQL) සාර්ථකව අවසන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාව හා “Oracle Cooperation Singapore Pvt Ltd (Oracle Academy)” එක්ව දිවයින පුරා ඇති පළාත් හා කලාප වල තෝරා ගත් පාසල් 200ක තොරතුරු තාක්ෂණ ගුරුභවතුන් පුහුණුකොට පාසල් සිසුන් 10,000 කට අනාගතයේ තොරතුරු තාක්ෂණයට ප්‍රවිෂ්ඨවීමට උපකාරීවන අන්දමේ පුහුණු වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. එහි මූලික පියවරක් ලෙස “JAVA FUNDAMENTAL” පරිගණක ක්‍රමලේඛන මූලික පුහුණු වැඩසටහනට කණ්ඩායම් 02ක් හා පරිගණක දත්ත පද්ධති පුහුණු වැඩසටහන (Database Foundation) පළමු කණ්ඩායම
සඳහා පුහුණුව නිමකරන ලදී.

Read more ...

mat 2

"පාසල් පද්ධතිය තුළ ළමුන්ට කලාව පිළිබඳව ලබාදෙන අධ්‍යයනය ප්‍රමාණවත් නෑ " - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා

පාසල් පද්ධතිය තුළ ළමුන්ට කලාව පිළිබඳව ලබාදෙන අධ්‍යයනය ප්‍රමාණවත් නොවන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර වලස්මුල්ල මධ්‍ය මහා විදුහලේ දී පැවති ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට එක්වෙමිනි.

සාහිත්‍ය යනු වෙනම විෂයක් ලෙස පොතක ලියමින් සමත්විය යුතු විෂයක් නොවන බවත් එය අප ජිවත්වන සෑම මොහොතකම හදවත් තුළ තිබිය යුතු දෙයක් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා එහිදී පෙන්වා දුන්නේය.

mat 1 mat


මෙරට ජාතික පාසල් 352ක් තිබුණද ස්ථිර විදුහල්පතිවරු සිටින්නේ පාසල් 50ක පමණක් බවද අමාත්‍යතුමන් මෙහිදී සඳහන් කළේය.