Latest News

sba cirs

පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබදව නිකුත් කර තිබූ “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය (26/2018) වහාම අවලංගු කරන්න. - අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නියෝග

26/2018 “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ සංග්‍රහය” වහා අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට පසුගියදා (29) උපදෙස් ලබා දුන්නේය.

අදාළ චක්‍රලේඛය 2018 වසරේ ජූනි 22 දින නිකුත් කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි. පාසල්වලට මුදල් එක්රැස් කිරීමේ දී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව නිලධාරීන් සඳහන් කළ ද, මේ හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ හැකියාව හිමිවන බව අනාවරණය වීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම චක්‍රලේඛය අවලංගු කිරීමටයි උපදෙස් ලබා දෙන ලදී.

Read more ...

kul

මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා .." - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ පැවති “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පංති කාමර සහිත තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ වෘත්තිය අධ්‍යාපනය ලැබුවන් සඳහා අනාගතයේ දී විශාල ඉල්ලුමක් ඇති වන බවයි.

විදේශ රටවල ද වෘත්තිය අධ්‍යාපනය ලැබුවන් සඳහා ඉහළ වැටුප් ලබාදෙන අතර එම ඉල්ලුම සපුරාලීමට මෙතෙක් හැකිවී නොමැති බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

Read more ...

drug prevention1

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් චක්‍රලේඛ, නීති රෙගුලාසිවලට වඩා නිවැරදි දැනුවත් කිරීම් හරහා විශාල මැදිහත්වීමක් සිදු කළ හැකියි - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ මැදිහත්වීමක් සිදුකරනවිට ඒ සඳහා නීති රෙගුලාසි සහ චක්‍ර ලේඛ මගින් ගත හැකි ක්‍රියාමාර්ගවලට වඩා බලවත් මැදිහත්වීමක් නිවැරදි සමාජ දැනුවත් කිරීම් හරහා සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ව ක්‍රියාවට නංවනු ලබන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියෙහි සිවුවැනි දිනයට අදාළව යෙදී තිබූ දේශපාලන නායකයින් සමඟ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති සංවාද හමුවට එක්වෙමිනි.

අද (24) පෙරවරුවේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ දී දේශපාලන නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සංවාද හමුව පැවැත්වුණි.

Read more ...

panal-Sinhala

“ගැබිනි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට බාධා එපා. විරුද්ධ වන විදුහල්පතිවරුන් සිටී නම් අමාත්‍යාංශය දැනුවත් කරන්න” - අධ්‍යාපන ඇමතිගෙන් උපදෙස්

ගර්භිනී සමය සියලු කාන්තාවන්ට ශාරීරිකවත් මානසිකවත් සුවිශේෂ වෙනස්කම් සිදුවන කාල පරිච්ඡේදයක් වන අතර ගුරුවරියන්ට ද එම තත්වය පොදුවේ බලපාන කරුණක් වේ. මේ පිළිබඳ අවධානය යොමු කරමින් ගර්භිණී ගුරුවරියන් වෙත වඩාත් පහසු සහ උචිත ඇඳුමක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උපදෙස් දෙනු ලැබූයේ පසුගිය වසරේ දීය.

ඒ අනුව 2018-05-23 වැනි දිනැති 2018/21 චක්‍රලේඛය මඟින් පාසල් ගුරුවරියන් සඳහා ගර්භනී සමයට උචිත ඇඳුමක් හඳුන්වාදීම සම්බන්ධ ව සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරනු ලැබීය.

Read more ...

scout1

“ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය පාසල් මට්ටමේ සිට සිදුකරන සේවය විශිෂ්ටයි” 12 වැනි ජාතික කබෝරියට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 12 වැනි ජාතික කබෝරිය ඊයේ (23) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

බාලදක්ෂ සංගමය මඟින් වැදගත් ජාතික මෙහෙවරක් පාසල් මට්ටමේ සිට ස්වේච්ඡාවෙන් සිදු කරමින් සිටින බවත්, මෙම සේවය ඉතා ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමට සමත් වී තිබීම අතිශයින් ම අගය කරන බවත් විශේෂයෙන් ම තමා ද පාසල් යන අවදියේ දී බාල දක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ ව සිටි නිසා ඒ තුළින් ලැබෙන පන්නරය සහ ශක්තිය අත්දැකීමෙන් ම හඳුනාගෙන සිටින බවත් මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more ...