Latest News

m 0

මූලික සුදුසුකම් ඇත්නම් තමන් අභිමත විභාගයකට පෙනී සිටීමට කිසිවෙකුට බාධාවක් තිබිය නොහැකියි

 ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීමට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්

                                                                                                   - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

2018 වර්ෂයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තමන් ඉතාමත් කණගාටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ ක‍ළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා 2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතික පාසල් සහ ජාත්‍යන්තර පාසල් වෙන් කොට දැක්විය යුතු බවත් ඔහු අමාත්‍යවරයා සිටි කාලයේ දී කිසිවිටෙකත් ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා නොදුන් බවත් පසුගිය දිනවල පවසා තිබුණි.

Read more ...

piriven

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ත්‍රෛභාෂා දැනුම සංවර්ධනයට පියවර

පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ත්‍රෛභාෂා දැනුම ඉහල නැංවීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අතර මේ වන විටත් පිරිවෙන් සදහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව පිරිවෙන්වල දෙමළ භාෂාව ඉගැන්වීම සදහා දෙමළ භාෂා ගුරුවරුන් බඳවා ගන්නා ලෙස මහානායක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරමින් ඒ සඳහා සුදුසුකම් ලත් දෙමළ භාෂා ගුරුවරුන් බඳවාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පිරිවෙන් අධ්‍යාපන ශාඛාව පියවර ගෙන තිබේ.

පසුගියදා (04) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති 181 වැනි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමේ දී මේ සඳහා අවශ්‍ය අනුමැතිය හිමි විය.

Read more ...

nsbs

ළගම පාසල හොදම පාසල ප්‍රධාන කාර්යාලය නව වසරේ නව පරිශ්‍රයකට පිවිසෙයි

අධ්‍යාපන අමාත්‍යාංශයේ පස්වැනි මහලේ ස්ථාපනය කර තිබූ ළගම පාසල හොදම පාසල ප්‍රධාන කාර්යාලය එළඹුණු නව වසරේ සිට වඩාත් පුළුල් පහසුකම් සහිත නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා      (01) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.  

සියලු සිසු දරුවන්ට එක හා සමාන ගුණාත්මක අධ්‍යාපන පහසුකම් සහ අවස්ථා සාධාරණ ලෙස ලබා දීමේ  අරමුණින් මීට පෙර ක්‍රියාත්මක වැඩසටහන්වල අත්දැකීම් ද පදනම් කරගනිමින් හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සහිත පාසල් නගාසිටුවීමට ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීමෙන් ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය මගින් සෑම සිසු දරුවකුටම තම නිවසට ළඟම පාසලින් ගුණාත්මක අධ්‍යාපන පහසුකම් යටතේ අධ්‍යාපනය ලබාගැනීමට ඇති අයිතිය සහතික කිරීමට පියවර ගෙන තිබේ.

Read more ...

pp marking

2018 අ.පො.ස. (සා.පෙළ) විභාගය (11 අදියර) - ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගන්නා පාසල් නැවත විවෘත කිරීම

2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමෙහි සඳහන් පාසල් 26 න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන් ම වසා තබන අතර එම පාසල් 2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වේ.

01. කො/ඉසිපතන විද්‍යාලය, කොළඹ 05

02. මාර/මහානාම මහා විද්‍යාලය, වල්ගම, මාතර

03. කු/සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය, මල්ලවපිටිය, කුරුණෑගල

04. මහ/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, මහනුවර

Read more ...

19 0

අධ්‍යාපන පද්ධතියේ උන්නතිය වෙනුවෙන් පක්ෂ පාට බේදයකින් තොරව එක අරමුණකින් යුතුව කටයුතු කරමු

අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සියලුම ක්ෂේත්‍රවල රාජකාරි කටයුතු කරන සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ පාට බේදයකින් තොරව අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක අරමුණකින් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ නව වසර සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිශ්චිත ප්‍රතිඵල ලබාගත හැකි ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා ඒවා නියමිත කාල රාමුවක් අනුව ක්‍රියාවට නැංවිය යුතු බව ද අවධාරණය කළේය.

Read more ...