Latest News

sec

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා රාජකාරි ආරම්භ කරයි

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම් පද්මසිරි ජයමාන්න මහතා අද (31) සිය තනතුරේ රාජකාරි ආරම්භ කරනු ලැබුවේය. අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ එම අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more ...

notice

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණයේ පුස්තකාල සේවක තනතුරට පත්කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණයට කැඳවීම

“ 2018 /11/05,12,13,15,16 යන දිනවලදී පැවත්වීමට නියමිතව තිබූ ප්‍රාථමික ශිල්පීය නොවන පුස්තකාල සේවක තනතුරට පත්කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණය තාවකාලිකව කල් දැමේ.”

- වැඩිදුර විස්තර මෙතැනින් බා ගත කරගන්න.  

 

parami

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල හි ලෝකඩ පදක්කම දිනූ පාරමීට අධ්‍යාපන අමාත්‍යවරයා අතින් තිළිණ ප්‍රදානයක්

කෙන්යාවේ දී මාස 03 ක ක්‍රීඩා පුහුණුවක්

වසර 6 ක් යනතුරු පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට සහ ඇයගේ පුහුණුකරුට මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්

ආර්ජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මිටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කමක් දිනූ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (26) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී තිළිණ ප්‍රදානයක් සිදු කරනු ලැබීය.

2007 වසරේ දී ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ලබා ගත් ලෝකඩ පදක්කමින් පසුව තරගාවලියක දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු ලද පළමු පදක්කම ද මෙය වන අතර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලාංකිකයෙකු පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය වේ.

Read more ...

im

ජාතික පාසල් වල විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය - 2018

2018- ඔක්තෝබර් මස 29, 30 හා නොවැම්බර් මස 1, 2,3,5,8,9,10 යන දින වලදී පැවැත්වීමට නියමිතව පැවැති ජාතික පාසල් වල විදුහල්පති තනතුරු සදහා පුරපුපාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව කල් දමා ඇත.

එම සම්මුඛපරීක්ෂණ නැවත පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවද කාරුණිකව දන්වා සිටිමු.   

gemp1

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපාදන..

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

වසර 2018-2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භය පසුගියදා (22) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මූලික අරමුණි‍න් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය පහත සඳහන් වැඩසටහන් හරහා ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

Read more ...

More Articles ...