Latest News

sha

අන්තවාදය ව්‍යාප්ත කිරීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන අරාබි පාසල් සහ මද්‍රසා පාසල් පිළිබඳවයි..

ඉස්ලාම් අන්තවාදී අදහස් සමාජ ගත කිරීමට කටයුතු කරනු ලබන බවට චෝදනා එල්ල වී ඇති  අරාබි පාසල් හෝ මද්‍රසා පාසල්  කිසිවක් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනය වීමක් සිදුනොවන බව අවධාරණය කරමු. 
පසුගිය දිනවල ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් විසින් මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති බවත් ඒවායේ සිදුවන අන්තවාදී ඉගැන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බවත් සඳහන් කරමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරය නිරීක්ෂණය විය.

Read more ...

notice

දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම මැයි 6 වැනිදා තෙක් කල්යයි.

 රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් දෙවන වාරය සඳහා දිවයිනේ සියළුම පාසල් ආරම්භ කිරීම මැයි  මස 6 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

Public-Notice

පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019.04.30 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. නමුත් රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම කාලය 2019.05.20 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
 
2nd sch term

බොර දියේ මාළුබාමින් පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ඇතැම් වෘත්තිය සමිති ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව ,පොලිසිය ,සහ සිවිල් ආරක්ෂක බලකාය සමග එක් ව දිවයිනේ සියළුම පාසල් භූමි වල සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබෙනවා.ඒ රට තුළ මතු ව ඇති තත්ත්වය  පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි.
 
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්  කාරියවසම් මහතා විසින් ආරක්ෂක ප්‍රධානීන් සමග සිදුකළ සාකච්ඡාවලදී  පාසල් ආරම්භ කිරීමට පෙර සියලු ම පාසල් භූමි සහ ඒ අවට ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහභාගිත්වයෙන් පරීක්ෂාවට ලක් කොට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය  කටයුතු  සිදුකිරීමේ වගකීම  ආරක්ෂක අංශ විසින් භාරගෙන තිබෙනවා.

Read more ...

notice

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන විභාග පිළිබඳ දැනුම්දීම

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත්විමට නියමිතව තිබූ 2018 (2019) ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම හා ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණය යන සියලු ම විභාග මේ දිනවල රටේ උද්ගතව පවතින තත්ත්වය හේතුකොටගෙන විභාග දෙපාර්තුමේන්තුව විසින් කල් දමන ලද බව ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලේකම් දැනුම් දෙයි. විභාග පවත්වන දිනය ඉදිරියේ දි දැනුම් දෙනු ඇත..