Latest News

Public-Notice

පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019.04.30 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. නමුත් රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම කාලය 2019.05.20 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
 
notice

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන විභාග පිළිබඳ දැනුම්දීම

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත්විමට නියමිතව තිබූ 2018 (2019) ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම හා ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණය යන සියලු ම විභාග මේ දිනවල රටේ උද්ගතව පවතින තත්ත්වය හේතුකොටගෙන විභාග දෙපාර්තුමේන්තුව විසින් කල් දමන ලද බව ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලේකම් දැනුම් දෙයි. විභාග පවත්වන දිනය ඉදිරියේ දි දැනුම් දෙනු ඇත..

sch vacation

පළමු පාසල් නිවාඩුව අප්‍රේල් 28 තෙක් දීර්ඝ කෙරේ.

දෙවැනි පාසල් වාරය අප්‍රේල් 29 වැනි සඳුදායින් ඇරඹෙයි.

2019 වසරේ පළමු පාසල් වාර නිවාඩුව අප්‍රේල් මස 28 වැනි දින දක්වා දීර්ඝ කර ඇති අතර, ඒ අනුව දෙවැනි පාසල් වාරය සඳහා රජයේ සියලු පාසල් අප්‍රේල් මස 29 වැනි සඳුදා දින විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ අතර, දිවයිනේ සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන් මේ වනවිටත් නේවාසික ව අධ්‍යයන කටයුතුවල නිරත ව සිටින හෙයින්, ඔවුන් සඳහා වන විභාග කලින් දැනුම් දී ඇති පරිදි අප්‍රේල් මස 26 දින සිට පැවැත්වීමට කටයුතු යොදන ලෙස ද උපදෙස් ලබාදුන් බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

min

පාසල් ආරම්භයට පෙර, පාසල් පරිශ්‍ර සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ ක්‍රියාන්විතයක්

පාසල් හා පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

සිසු දරු දැරියන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියල්ලගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි වගකීමක් ඇති බැවින්, සියලුම මවුපියන් හා වැඩිහිටියන්ගේ අවධානය ද යොමු කරමින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර හා ඒ අවට ඉතා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර තිබේ.

එළඹෙන 29 වැනි සඳුදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඊට පෙර දිවයිනේ සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර සහ ඒ අවට ප්‍රදේශවල අරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම සිදු කිරීමට නියමිතය.

Read more ...

announcement

වි⁣ශේෂ මාධ්‍ය නිවේදනය

2019 වසරේ දෙවන පාසල් වාරය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද මේ වන විට රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් හෙට (22)  සහ අනිද්දා (23 ) දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ  බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කර සිටිනවා.