Latest News

su sin

2018-12-01 පසු සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ප්‍රතිලාභ ලබා ගැනීමට අයදුම්පත් සෘජුව ම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරන්න

මෙරට සියලු පාසල් දරුවන්ට නොමිලේ සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිලාභ ලබාදීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මගපෙන්වීම මත 2018 වසරේ සිට ආරම්භ කරන ලද සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩ ව ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාවට නැංවීම සදහා ඉදිරිපත් වී සිටි රක්ෂණ සමාගමෙහි ගිවිසුම් කාලසීමාව 2018-12-01 දිනෙන් අවසන් විය. ඒ අනුව, නව ආයතනය සමග ගිවිසුම් ගත වන තුරු අදාල ප්‍රතිලාභ ලබාදීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය හරහා සම්බන්ධීකරණය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව 2018-12-01 දිනෙන් පසු රක්ෂණ ප්‍රතිලාභ අපේක්ෂා කරන සියලු පාසල් දරුවන් තම අයදුම්පත් සෘජුව ම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු ය.

Read more ...

su sin

සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි

මෙරට සියලු පාසල් දරුවන්ට නොමිලේ සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිලාභ ලබාදීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මගපෙන්වීම මත 2018 වසරේ සිට ආරම්භ කරන ලද සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩ ව ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාවට නැංවීම සදහා ඉදිරිපත් වී සිටි රක්ෂණ සමාගමෙහි ගිවිසුම් කාලසීමාව 2018-12-01 දිනෙන් අවසන් වේ. ඒ අනුව, 2018-12-01 දිනෙන් පසු රක්ෂණ ප්‍රතිලාභ අපේක්ෂා කරන සියලු පාසල් දරුවන් තම අයදුම්පත් සෘජුව ම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුයි.

සියලු අයදුම්පත් අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයට යොමු කළ යුතු අතර, 0112784163 දුරකථන අංකය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව අමතා ඒ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ලබාගත හැකි ය.

sba cirs

පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබදව නිකුත් කර තිබූ “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය (26/2018) වහාම අවලංගු කරන්න. - අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නියෝග

26/2018 “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ සංග්‍රහය” වහා අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට පසුගියදා (29) උපදෙස් ලබා දුන්නේය.

අදාළ චක්‍රලේඛය 2018 වසරේ ජූනි 22 දින නිකුත් කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි. පාසල්වලට මුදල් එක්රැස් කිරීමේ දී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව නිලධාරීන් සඳහන් කළ ද, මේ හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ හැකියාව හිමිවන බව අනාවරණය වීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම චක්‍රලේඛය අවලංගු කිරීමටයි උපදෙස් ලබා දෙන ලදී.

Read more ...

ncoe

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බදවාගැනීමේ අයදුම්පත් ජනවාරි 25 දින රජයේ ගැසට් පත්‍රයේ

2016 සහ 2017 වසරවල අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම පිණිස ශික්ෂණලාභීන් බදවාගැනීමට අදාළ ගැසට් නිවේදනය 2019-01-25 දින රජයේ ගැසට් පත්‍ර යේ පළ කෙරේ.

මේ සදහා අයදුම්පත් කැදවීමේ අවසන් දිනය 2019 පෙබරවාරි 15 වැනි සිතුරාදා වේ. මෙවර 2016 වසර උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් 4000ක් ද 2017 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් 4000ක් ද වන සේ ශික්ෂණලාභීන් 8000ක් දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19ක් වෙත එකවර බදවාගැනීමට නියමිත ය.

kul

මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා .." - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ පැවති “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පංති කාමර සහිත තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ වෘත්තිය අධ්‍යාපනය ලැබුවන් සඳහා අනාගතයේ දී විශාල ඉල්ලුමක් ඇති වන බවයි.

විදේශ රටවල ද වෘත්තිය අධ්‍යාපනය ලැබුවන් සඳහා ඉහළ වැටුප් ලබාදෙන අතර එම ඉල්ලුම සපුරාලීමට මෙතෙක් හැකිවී නොමැති බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

Read more ...

More Articles ...