Latest News

panal-Sinhala

“ගැබිනි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට බාධා එපා. විරුද්ධ වන විදුහල්පතිවරුන් සිටී නම් අමාත්‍යාංශය දැනුවත් කරන්න” - අධ්‍යාපන ඇමතිගෙන් උපදෙස්

ගර්භිනී සමය සියලු කාන්තාවන්ට ශාරීරිකවත් මානසිකවත් සුවිශේෂ වෙනස්කම් සිදුවන කාල පරිච්ඡේදයක් වන අතර ගුරුවරියන්ට ද එම තත්වය පොදුවේ බලපාන කරුණක් වේ. මේ පිළිබඳ අවධානය යොමු කරමින් ගර්භිණී ගුරුවරියන් වෙත වඩාත් පහසු සහ උචිත ඇඳුමක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උපදෙස් දෙනු ලැබූයේ පසුගිය වසරේ දීය.

ඒ අනුව 2018-05-23 වැනි දිනැති 2018/21 චක්‍රලේඛය මඟින් පාසල් ගුරුවරියන් සඳහා ගර්භනී සමයට උචිත ඇඳුමක් හඳුන්වාදීම සම්බන්ධ ව සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරනු ලැබීය.

Read more ...

drug prevention1

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් චක්‍රලේඛ, නීති රෙගුලාසිවලට වඩා නිවැරදි දැනුවත් කිරීම් හරහා විශාල මැදිහත්වීමක් සිදු කළ හැකියි - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ මැදිහත්වීමක් සිදුකරනවිට ඒ සඳහා නීති රෙගුලාසි සහ චක්‍ර ලේඛ මගින් ගත හැකි ක්‍රියාමාර්ගවලට වඩා බලවත් මැදිහත්වීමක් නිවැරදි සමාජ දැනුවත් කිරීම් හරහා සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ව ක්‍රියාවට නංවනු ලබන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියෙහි සිවුවැනි දිනයට අදාළව යෙදී තිබූ දේශපාලන නායකයින් සමඟ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති සංවාද හමුවට එක්වෙමිනි.

අද (24) පෙරවරුවේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ දී දේශපාලන නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සංවාද හමුව පැවැත්වුණි.

Read more ...

sch ad

පුංචි දරුවන් ඊතල වගෙයි, නිවරැදි ඉලක්ක වෙත ඔවුන් යොමු කිරීමේ දී දුන්නක් මෙන් නිවරැදිව ක්‍රියාකිරීමේ වගකීම ගුරුවරුන්ටත්, මාපියන්ටත් පැවරෙනවා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

2019 වසරේ පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (17)) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විය. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පුංචි දරුවන් ඊතල මෙන් ක්‍රියාකරන විට ගුරුවරුන්, මව්පියන් ඇතුලු වැඩිහිටියන් දුන්නක් මෙන් ක්‍රියාකොට ඔවුන් නිවරැදි ලෙස ඉලක්ක ගත කිරීමට ක්‍රියාකළ යුතු බවයි.

රටක අනාගත ඉරණම අධ්‍යාපනය මත ගොඩ නැංවෙන බැවින් නිදහස් නිවහල් පුරවැසියෙකු තැනීමේ කාර්යභාර්ය වෙනුවෙන් වත්මන් රජය විශාල දායකත්වයක් සිදු කරමින් සිටින බව ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති ළඟම පාසල හොඳම පාසල, ශිෂ්‍ය උපදේශනය, ගුරු පුහුණු වැඩසටහන් සහ නව තාක්ෂණය සමඟ අධ්‍යාපන නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතීන් පිළිබඳව ද සිහිපත් කළේය.

Read more ...

scout1

“ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය පාසල් මට්ටමේ සිට සිදුකරන සේවය විශිෂ්ටයි” 12 වැනි ජාතික කබෝරියට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 12 වැනි ජාතික කබෝරිය ඊයේ (23) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

බාලදක්ෂ සංගමය මඟින් වැදගත් ජාතික මෙහෙවරක් පාසල් මට්ටමේ සිට ස්වේච්ඡාවෙන් සිදු කරමින් සිටින බවත්, මෙම සේවය ඉතා ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමට සමත් වී තිබීම අතිශයින් ම අගය කරන බවත් විශේෂයෙන් ම තමා ද පාසල් යන අවදියේ දී බාල දක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ ව සිටි නිසා ඒ තුළින් ලැබෙන පන්නරය සහ ශක්තිය අත්දැකීමෙන් ම හඳුනාගෙන සිටින බවත් මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more ...

gr1

එකෙන් පටන් ගන්නා අපේ දරුවන්ට...

2019 වසරේ ජනවාරි 17 වැනි දින ඔබේ දරුවා පාසලට පැමිණෙන පළමු දවසයි. වසර පහක් පුරා ඔබේ දරුවා වැඩුණේ, රැකුණේ ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ආදරය, රැකවරණය සහ පෝෂණය ඇසුරුකරගනිමිනි. ඒ හා සමග දරුවාගේ මූලික චින්තන රටාව සංවර්ධනය කරන්නට ද මූලික දායකත්වය ලැබුණේ ඔබේ ගෙදර පරිසරයෙනි.

මෙතැන් සිට ඔබේ දරුවාගේ ජීවිතයට අලුත් ආදරණීයයන් පිරිසක් එක්වෙයි. ඔවුන් සමග දෙවැනි සංවර්ධන අවධිය පාසල තුළින් අරඹන ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්නට රටේ අධ්‍යාපන පද්ධතිය නිවැරදි දිශානතියක ගමන් කරවීම යුගයේ අවශ්‍යතාවයයි. ඒ සඳහා අවැසි සවිය, සහයෝගය මෙන් ම නිවැරදි තීන්දු තීරණ රටේ අධ්‍යාපන පද්ධතිය හරහා සවිබල ගැන්වීමට හැකි නිසි මගපෙන්වීම ලබාදීමේ වගකීම අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා සතුව පවතියි.

 

Read more ...