Latest News

Grade-1-students

2019 වර්ෂයේ රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට (17)අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

- “ එකට වවමු එකට වැඩෙමු” විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ද සමගාමීව ආරම්භ කෙරේ....

2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17)උදෑසන 9.00 ට ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මීට සමගාමීව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් අවදියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරුවීමේ ආකල්පමය වර්ධනයක් ඇති කරලීමේ අරමුණින් පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවේශවන දරුවන් සඳහා “ එකට වවමු එකට වැඩෙමු” යන මැයෙන් රුක්රෝපණ වැඩසටහනක් ද පැවැත්වේ.

දිවයිනේ ක්‍රියාත්මක වන පාසල් 10,194 අතුරින් පාසල් 9,193ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර, සෑම වසරක ම 340,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වේ.

Read more ...

su sin

සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ඉහලට

සුරක්ෂා රක්ෂණාවරණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේ දී හිමිවිය.

පසුගිය වසරේ දී සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැලකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි 2018/19 වර්ෂය සදහා නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම අනුව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදනු ලැබීය.

Read more ...

m 2

අ.පො.ස. (උසස් පෙළ) ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ ගැටළුවක් නැහැ.

මේ වන විට අ.පො.ස. (උසස් පෙළ) ජීව විද්‍යා නව විෂය නිර්දේශය සකස් කර ඊට අදාළ ගුරු අත්පොත් ද අදාළ ගුරුවරුන් වෙත ලබා දී ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය සඳහන් කලාය.

පසුගියදා (07) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම අදහස් ප්‍රකාශ කළාය.

එසේම මීට අදාළ ගුරු පුහුණු කටයුතු අවසන් කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

child

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (08) රැස් වූ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීමේදී ය.

විභාග තුළින් ළමයාට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ළමා මනෝ විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගේ දායකත්වය ඒ සඳහා අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.

අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සහ පාසල් ලබාදීම යන කරුණු කෙරෙහි ද සැලකිල්ලක් දැක්විය යුතු බව ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

Read more ...

m 0

මූලික සුදුසුකම් ඇත්නම් තමන් අභිමත විභාගයකට පෙනී සිටීමට කිසිවෙකුට බාධාවක් තිබිය නොහැකියි

 ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීමට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්

                                                                                                   - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

2018 වර්ෂයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තමන් ඉතාමත් කණගාටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ ක‍ළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා 2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතික පාසල් සහ ජාත්‍යන්තර පාසල් වෙන් කොට දැක්විය යුතු බවත් ඔහු අමාත්‍යවරයා සිටි කාලයේ දී කිසිවිටෙකත් ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා නොදුන් බවත් පසුගිය දිනවල පවසා තිබුණි.

Read more ...