Latest News

get-blog-image

ගංවතුරෙන් විපතට පත් පාසල්වලට තාක්ෂණික උපකරණ ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී...

පසුගිය වසරේ දිවයිනේ පළාත් කිහිපයක ඇති වූ ගං වතුර උවදුරින් හානියට පත් පාසල් සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පියවර ගෙන තිබේ. ඒ අනුව එම පාසල්වල හානියට පත් ගොඩනැගිලි නැවත ඉදිකිරීම සහ හඳුනාගත් ප්‍රතිසංස්කරණ කටයුතු 2018 වසරේ සිට ම ආරම්භ කරනු ලැබීය.

මෙසේ විපතට පත් පාසල් සංඛ්‍යාව 142ක් වන අතර, එම පාසල් වෙනුවෙන් තාක්ෂණ උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය  අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම තාක්ෂණික උපකරණ කට්ටලයට ලැප්ටොප්, ෆොටෝකොපි යන්ත්‍ර, ස්කෑන් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, මල්ටිමීඩියා යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ඇතුළත් වේ.

Read more ...

pirith

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනාට සෙත් පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සංඝගත දක්ෂිණාවක්

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවල සේවක මහත්ම මහත්මීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනාටත් සෙත් පතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මගපෙන්වීම හා උපදෙස් ඇතිව සංවිධානය කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පසුගියදා (07) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි.

Read more ...

nsbs1

ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් 200ක සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර සිසු අයිතියට ...

- සමාරම්භක මහෝත්සවය අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ දී

කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ආරම්භ කළ අවස්ථාවේ දී මධ්‍ය මහා විද්‍යාලවලට ගොඩනැගිලි 50ක් දුන් බවත්, අද ඒ නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එකවර පාසල් 200ක් සංවර්ධනය කර රටේ දරුවන්ට එහි ප්‍රතිලාභ අත්පත් කරදෙන්නට හැකිවීම රටේ දරුවන් ලද සුවිශාල ජයග්‍රහණයක් බවත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රට පුරා පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාවට නංවන ලද ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන මගින් පාසල් 200ක සංවර්ධන ව්‍යාපෘති එකවර සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් කුලියාපිටියේ නගරසභා පිටියේ අද (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

Read more ...

git 2019

(On line) මාර්ගගත ක්‍රමයට පළමුවරට පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2018

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

2019-03-11 දින සිට 2019-03-18 දින තෙක් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655කදී පැවැත්වීමට නියමිත මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනය මෙතැනින් බා ගත කරගන්න.

Nsbs1

ඔබට ළඟම පාසල පහසුකම් සපිරි හොඳම පාසලයි - දැවැන්ත ව්‍යාපෘතීන් 200 ක් මාර්තු 01 දා ජාතික අධ්‍යාපන පද්ධතියට

මෙරට නූතන ඉතිහාසය තුළ ඇති වූ වැදගත් ම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය ඇතිකිරීමයි. අධ්‍යාපනය නිදහස් අයිතියක් ලෙස භුක්ති විඳීමට ශ්‍රී ලාංකීය සිසුදරුවන්ට අවස්ථාව සැලසුණේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එවකට අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිඳුන්ගේ පරිශ්‍රමයෙනි. ජන සමාජය තුළ වරප්‍රසාදලාභී අතළොස්සක් වෙත සීමා වී පැවති අධ්‍යාපනය ලැබීමේ අයිතිය රට පුරා ඉදිකළ මධ්‍ය විද්‍යාල 54ක් ද කේන්ද්‍ර කරගනිමින් සමාන හා සාධාරණ අයිතිවාසිකමක් ලෙස භුක්ති විඳින්නට ඒ අනුව මෙරට සිසුදරුවන්ට ඉඩ අවකාශ සැලසිණි. එහි ප්‍රතිඵලය වූයේ එතෙක් රට තුළ පැවති සාක්ෂරතා මට්ටමේ වේගවත් වර්ධනයක් සිදුවීමයි. එමෙන් ම කාන්තාවන්ගේ සාක්ෂරතාව ද එතෙක් ආසියාවේ අනෙක් රටවල පැවති තත්වයට වඩා කැපී පෙනෙන වර්ධනීය අගයක් ගැනීමට එම තත්වය හේතුවිය. රැකියා අවස්ථා බොහෝ දෙනෙකුට ලැබිණි. සමාජ සාධාරණීකරණයට ඇති හොඳම යාන්ත්‍රණය අධ්‍යාපනය බවට පත්විය.

Read more ...