Latest News

nsbs1

ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් 200ක සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර සිසු අයිතියට ...

- සමාරම්භක මහෝත්සවය අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ දී

කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ආරම්භ කළ අවස්ථාවේ දී මධ්‍ය මහා විද්‍යාලවලට ගොඩනැගිලි 50ක් දුන් බවත්, අද ඒ නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එකවර පාසල් 200ක් සංවර්ධනය කර රටේ දරුවන්ට එහි ප්‍රතිලාභ අත්පත් කරදෙන්නට හැකිවීම රටේ දරුවන් ලද සුවිශාල ජයග්‍රහණයක් බවත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රට පුරා පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාවට නංවන ලද ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන මගින් පාසල් 200ක සංවර්ධන ව්‍යාපෘති එකවර සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් කුලියාපිටියේ නගරසභා පිටියේ අද (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

Read more ...

Nsbs1

ඔබට ළඟම පාසල පහසුකම් සපිරි හොඳම පාසලයි - දැවැන්ත ව්‍යාපෘතීන් 200 ක් මාර්තු 01 දා ජාතික අධ්‍යාපන පද්ධතියට

මෙරට නූතන ඉතිහාසය තුළ ඇති වූ වැදගත් ම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය ඇතිකිරීමයි. අධ්‍යාපනය නිදහස් අයිතියක් ලෙස භුක්ති විඳීමට ශ්‍රී ලාංකීය සිසුදරුවන්ට අවස්ථාව සැලසුණේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එවකට අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිඳුන්ගේ පරිශ්‍රමයෙනි. ජන සමාජය තුළ වරප්‍රසාදලාභී අතළොස්සක් වෙත සීමා වී පැවති අධ්‍යාපනය ලැබීමේ අයිතිය රට පුරා ඉදිකළ මධ්‍ය විද්‍යාල 54ක් ද කේන්ද්‍ර කරගනිමින් සමාන හා සාධාරණ අයිතිවාසිකමක් ලෙස භුක්ති විඳින්නට ඒ අනුව මෙරට සිසුදරුවන්ට ඉඩ අවකාශ සැලසිණි. එහි ප්‍රතිඵලය වූයේ එතෙක් රට තුළ පැවති සාක්ෂරතා මට්ටමේ වේගවත් වර්ධනයක් සිදුවීමයි. එමෙන් ම කාන්තාවන්ගේ සාක්ෂරතාව ද එතෙක් ආසියාවේ අනෙක් රටවල පැවති තත්වයට වඩා කැපී පෙනෙන වර්ධනීය අගයක් ගැනීමට එම තත්වය හේතුවිය. රැකියා අවස්ථා බොහෝ දෙනෙකුට ලැබිණි. සමාජ සාධාරණීකරණයට ඇති හොඳම යාන්ත්‍රණය අධ්‍යාපනය බවට පත්විය.

Read more ...

gandhi

අඩු ආදායම්ලාභී පවුල්වල හඳුනාගත් දක්ෂ දරුවන්ට උසස් පෙළ හැදෑරීමට සවියක් වෙමින් මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව 150ක්

 

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දීය රජයේ සහයෝගය ඇති ව 11 වැනි වරටත් සංවිධානය කරන ලද මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පසුගියදා (20) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය ලබාදෙන්නා වූ සහයෝගය අගය කරන බව ද, දුෂ්කරතා සහ අභියෝග මැද ජීවිතය ජයගන්නට උත්සාහ දරන පාසල් දරුවන්ට මෙවැනි ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් සැබෑ අත්වැලක් වන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

Read more ...

Nsbs1

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ දිවයින පුරා ඉදිකිරීම් 200 ක් මාර්තු 01 වන දා ජාතික අධ්‍යාපන පද්ධතියට

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200 ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර ඒ යටතේ දෙමහල්, තෙමහල් පන්ති කාමර ගොඩනැගිලි, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණ විද්‍යාපීඨ, පරිපාලන ගොඩනැගිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන, සෞන්දර්යය ඒකක, දුෂ්කර ප්‍රදේශවල විදුහල්පති හා ගුරු නිල නිවාස, ශිෂ්‍ය නේවාසිකාගාර, තාක්ෂණගාර, බහුකාර්ය ගොඩනැගිලි, ආපණ ශාලා ඇතුළු ඉදිකිරීම් රැසක් මේ යටතේ විවෘත කිරීමට නියමිතය. මෙම ඉදිකිරීම් 200 සඳහා වැයකර ඇති මුදල රු.මි. 3,938 කට ආසන්නය.

Read more ...

gr1

පළමු ශ්‍රේණියේ සිසුන්ට නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ කිසිදු ප්‍රමාදයක් නෑ...

දිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ වැඩපිළිවෙළ පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා තිබේ. පසුගිය වසරවල මෙන්ම මෙම වසරේ ද ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින අතර, නිල ඇඳුම් තිළිණපත් ලබාදීමෙහි ප්‍රමාදයක් ඇතැ’යි පවසමින් ඇතැම් වෘත්තීය සංගම් විසින් මාධ්‍ය හරහා ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොපවතී.

2019 වර්ෂයේ පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුකෙරුණේ 2019.01.17 දිනයි. එසේ වුවත් අභියාචනා හා විරෝධතා පරීක්ෂණයෙන් සැකසු අවසන් ලේඛනය ප්‍රදර්ශනය කළ පසුව ද මතුවන යම් යම් ගැටළු සහ දෝෂ තත්ත්වයන් මත අවසන් ලේඛණයේ සියලු සිසුන් ඇතුළත් කර,

Read more ...