- වාර්ෂිකව අධ්‍යාපන පද්ධතිය තුළ ඇතිවන ගුරු අවශ්‍යතා සලකා බලමින් රජයේ ගැසට් පත්‍රයේ පළකරනු ලබන නිවේදනයක් මගින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගනු ලැබේ.
- එක් එක් වර්ෂයේදී අයදුම්පත් කැඳවන පාඨමාලා පවත්නා ගුරු පුරප්පාඩු මත තීරණය වේ. ඒ ඒ පාඨමාලාවලට බඳවා ගනු ලබන සුදුසුකම් ගැසට් නිවේදනයේ පළ කෙරේ.
- ඉංග්‍රීසි, තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා ශාරීරික අධ්‍යාපනය පාඨමාලා හැර අනිකුත් පාඨමාලාවලට අ.පො.ස. (උ/පෙළ) Z ලකුණු කුසලතාව අනුව බඳවා ගනු ලැබේ.
- ඉංග්‍රීසි හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය පාඨමාලාවලට අ.පො.ස. (සා/පෙළ) සහ අ.පො.ස. (උ/පෙළ) මූලික සුදුසුකම් සම්පූර්ණ කළ අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ප්‍රවීණතා පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වේ. ඔවුන් ප්‍රවීණතා පරීක්ෂණයේ ලකුණු අනුපිළිවෙලින් බඳවා ගැනේ.
- ශාරීරික අධ්‍යාපනය පාඨමාලාවට අ.පො.ස. (සා/පෙළ) හා අ.පො.ස. (උ/පෙළ) මූලික සුදුසුකම් සම්පූර්ණ කළ අයදුම්කරුවන්ගේ ක්‍රීඩා කුසලතා සඳහා ලබාදෙන ලකුණු ප්‍රමුඛතාව මත බඳවා ගැනේ. මෙහිදී ලකුණු ලබාදීම සඳහා සලකා බලන ක්‍රීඩා සහ ලකුණු පටිපාටිය ගැසට් නිවේදනයේ ප්‍රසිද්ධ කෙරේ.