ලෙස්ටර් ජේම්ස් පීරිස් යුවළට අධ්‍යාපන ඇමතිතුමන්ගෙන් මූල්‍ය ප්‍රදානයක්

sumප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සහ ලෙස්‍ටර්-සුමිත්‍රා යුවළ දේශීය සිනමාවට සිදුකළ අද්විතීය මෙහෙවර අගය කරමින් මූල්‍ය පරිත්‍යාගයක් අද (07) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් විසින් සිදුකෙරුණි.
මෙරට සිනමාව තුළ සුවිශේෂී මං සළකුණු සනිටුහන් කළ ලෙස්ටර්-සුමිත්‍රා යුවළ විසින් ඉටු කළ මෙහෙවර ද අගය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, කලාකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද සුමිත්‍රා පීරිස් මහත්මිය සුහද කතාබහක නිරත විය.