Oracle සහතික ලත් ‘ජාවා මූලිකාංග’ ගුරු පුහුණු පාඨමාලාවේ ප්‍රථම වැඩසටහන සාර්ථකව අවසන් වේ.

or1

‘Oracle’ Corporation ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව Oracle සහතික ලත් ‘ජාවා මූලිකාංග’ (Java Fundamental) පුහුණු පාඨමාලාවේ ප්‍රථම වැඩමුළුව 2017-11-06 සිට 2017-11-10 දින දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ පරිගණක විද්‍යාගාරයේදී පැවැත්විණි. මෙම වැඩසටහනෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය ජාතික ශ්‍රීනිවාස් මහතා සහභාගී වූ අතර ගුරු භවතුන් 25ක් සාර්ථකව පුහුණුව අවසන් කළ අතර ඔවුන්ට Oracle පුහුණුකරුවන් ලෙස සහතික පත්‍රයක් පිරිනමන ලදී. තවද මෙම ගුරුභවතුන් මගින් එම පාසල් වල සිසුන් පුහුණු කර ඔවුන්ට Oracle සහතික පත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව ද හිමිවේ.

 

or2 or3

‘Oracle’ ශ්‍රී ලංකා ආයතනයේ තිලිනි ප්‍රියංකා මෙනවිය, ප්‍රධාන පුහුණුකරු ශ්‍රීනිවාස් මහතා මෙම වැඩසටහනෙහි අවසන් දින අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, සුනිල් හෙට්ටිආරච්චි මහතා හමුවී අදහස් හුවමාරු කරගන්නා ලදී.