ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බදවාගැනීමේ අයදුම්පත් ජනවාරි 25 දින රජයේ ගැසට් පත්‍රයේ
2016 සහ 2017 වසරවල අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම පිණිස ශික්ෂණලාභීන් බදවාගැනීමට අදාළ ගැසට් නිවේදනය 2019-01-25 දින රජයේ ගැසට් පත්‍ර යේ පළ කෙරේ.
මේ සදහා අයදුම්පත් කැදවීමේ අවසන් දිනය 2019 පෙබරවාරි 15 වැනි සිතුරාදා වේ. මෙවර 2016 වසර උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් 4000ක් ද 2017 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් 4000ක් ද වන සේ ශික්ෂණලාභීන් 8000ක් දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19ක් වෙත එකවර බදවාගැනීමට නියමිත ය.