පාසල් දරුවන්ට පෙළපොත් ලබා දීම නිසිකළට විධිමත් ක්‍රමවේදයකින් හා වගකීමකින් සිදුකළ යුතු කාර්යයකි. -අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම්

3K1A9504දරුවන් අතට කල්වේලා ඇතිව විධිමත් ක්‍රමයකට පාසල් පෙළපොත් ලබා දීම වගකීමෙන් ඉටුකළ යුතු වැදගත් කාර්යයක් වුව ද පසුගිය වසරේ දින 52ක පාලන කාලයේ අධ්‍යාපන වගකීම භාරගත් අය, පොත් නියමිත වේලාවට බෙදාහැරීම වෙනුවට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පෙළපොත්වල අන්තර්ගත කර තිබූ තමාගේ පණිවිඩය ඉවත්කොට ඒ වෙනුවට හිස්කොළයක් ඇතුළත් කිරීමට උත්සාහ කිරීම නිසා නිසි කලට බෙදා දීමට තිබූ අවස්ථාව මඟහැර දමන ලද බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය .

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ 2020 වර්ෂය සඳහා පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක උත්සවය අමතමිනි. පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් ගබඩා සංකීර්ණයේ දී පසුගියදා (16) මෙම උත්සවය පැවැත්විණි.

2015 වසරේ දී, අධ්‍යාපන අමාත්‍ය පදවියට පත්වීමෙන් පසු ජාතික හා පළාත් බේද නොතකා පාසල් දස දහසක් සුපිරි පාසල් නොව සපිරි පාසල් බවට පත්කිරීමේ අටියෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, සැලසුම් අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන් ගෙන්වා අවශ්‍ය නිර්ණායක සම්පාදනය කළ බව ද ඒ අනුව ළඟම පාසල -හොඳම පාසල වැඩසටහන සඳහා පාසල් තෝරා ගන්නා ලද බව ද අමාත්‍යවරයා පැවසීය. ඊට අතිරේක වශයෙන් පොදුවේ ගම්වල තිබෙන පාසල් දියුණු කිරීමට ක්‍රමවේද සකස් කරන ලද බව ද ඇතැම් පසුගිය පාලන කාලයේ සමහර පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ දී පාසල් පරිශ්‍රයේ තිබුණු වටිනා ගස් පවා කපා දමා පරිසරයට හානි කරන ලද බවත් පැවසූ අමාත්‍යවරයා, පාසල් පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් සෑම පාසලකට ම ප්‍රධාන සැලැස්මක් තිබිය යුතු බවට චක්‍රලේඛ මඟින් දැනුම් දීමට පියවර ගත් බව ද සඳහන් කළේය

“ළඟම පාසල- හොඳම පාසල වැඩසටහනට ව්‍යාපෘති 18,000ක් හඳුනා ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට ම තෝරාගත් පාසල් ලයිස්තුව ලබාදුන්නා. මහජන නියෝජිතයන් ප්‍රශ්න ඉදිරිපත් කළා. පළාත්, කලාප අධ්‍යාපන නිලධාරීන් ද මේ සඳහා පාර්ලිමේන්තු වට ගෙන්වා ගත්තා. අවසාන ලයිස්තුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කලාප 98ක සැලසුම් නිලධාරීන් රට යවා පුහුණු කළා. අදාළ නිර්ණායක මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. අප බලයට එනවිට පාසල් දස දහසකින් විදුලිය ති‍බුණේ 60% කට පමණයි. දැන් 98%කට ති‍බෙනවා. වැසිකිළි කැසිකිළි 40.000ක් ඉදිකළා. ගුරුවරුන්ට නේවාසික පහසුකම් සකස්කර දුන්නා.”

වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පරිගණක හඳුන්වා දෙන විට ඇතැමුන් ඊට එරෙහිව උද්ඝෝෂණ කළ බවත් ඒවාට බියෙන් කටයුතු කළා නම් පරිගණක තාක්ෂණය නොමැතිව අද වනවිට කාර්යාලවල ලිපිගොනු කඳු ගණන් ගොඩගැසෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ලෝකයේ දැනුම වෙනස්වන වේගය දෙස අවධානය යොමුකරද් දී තවත් දශක ගණනාවකට පසු ගුරුවරුන්ගේ පරිවර්තනය කුමන ආකාරයක් වේදැයි කිව නොහැකි බව ද සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කොට ඇති බවත් ජාතික අධ්‍යාපන ආයතනය හා ප්‍රකාශන දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය පුළුල් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා විෂය නිර්දේශ නිසි වේලාවට සකස් කොට පෙළ පොත් හා ගුරු මාර්ගෝපදේශ දරුවන් හා ගුරුවරුන් අතට නියමිත වේලාවට ලබා දීමට එමඟින් ඉඩ ප්‍රස්ථා සැලසෙන බවද කීය.

පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබා දුන්නේ එතෙක් පැවති ක්‍රමවේදයේ තිබූ වංචා, අක්‍රමිකතා දුරු කිරිමට බවත් රෙදි ලබා දීමේ දී එදා එය ඇතැම් දේශපාලනඥයන් බාල රෙදි ලබා දීම වැනි ක්‍රියා මගින් ආදායම් මාර්ග සකස්කර ගෙන සිටි බවත් වවුචර් ක්‍රමයෙන් වෙළඳපොලේ බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග සකස් වූ බවත් පැවති දූෂණ හා අක්‍රමිකතා අවසන් වූ බවත් සඳහන් කළේය.

“ මා පාසල් යන කාලයේ ලයනල් ජයතිලක අධ්‍යාපන සේවා ඇමතිතුමාගේ පණිවිඩ පෙළපොත්වල තිබුණා. පසුගිය කාලයේ පෙළපොත්වලත් ඡායාරූප සහිතව හා රහිතව පණිවිඩ තිබෙණු මා දැක්කා. ඒවාට රුපියලක්වත් වැඩිපුර වියදම් වුණේ නෑ. පොතක මුද්‍රණ වියදම ගණන් හදන්නේ පිටු ගණන භාවිත කරන කොළයේ ඝණකමේ ප්‍රමාණය, යොදාගන්නා වර්ණ සංඛ්‍යාව යනාදිය සලකා බැලීමෙන් පසුවයි.” යනුවෙන් ද සඳහන් කළ අමාත්‍යවරයා ඇතැමුන් මෙවැනි කරුණු භාවිත කරමින් පෞද්ගලික දේශපාලන මඩ ගැසීම්වල යෙදෙන්නේ තමා ප්‍රධාන දේශපාලන පක්ෂයක මහලේකම් ධූරය හොබවන නිසා වියහැකි බව ද තමාට එවැනි කිසිදු විවේචනයකට පසු නොබා නොබියව ආත්ම ශක්තියෙන් ක්‍රියා කිරීමේ හැකියාව තිබෙන බව ද පැවසූවේය.

පක්ෂ විපක්ෂ බොහෝ දෙනා තමා අධ්‍යාපනයේ විප්ලවීය පරිවර්තනයක් සඳහා යමක් කරන ලද දේශපාලනඥයකු වශයෙන් හැඳින්වීම ගැන සතුට ට පත්වන්නේ යැයි ද පිරිවෙන් වලට යමක් කළා යැයි භික්ෂූන‍්වහන්සේ ‍‍‍ ‍ බේදයකින් තොරව තමා සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීම ද සතුට ට හේතුවක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ සහ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික්‍රමනායක යන මහත්වරුන් ද අදහස් ප්‍රකාශ කළහ. හෝමාගම පුරාණ විහාරාධිපති, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාදෝවිට වජිර බුද්ධි හිමි පිරිස පන්සිල්හි පිහිටැ වූහ. මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අමාත්‍යවරයා, පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළේය.2020 වර්ෂය සඳහා පොත් වර්ග 443 කින් පිටපත් 44,764,000ක් මෙවර මුද්‍රණය කොට තිබේ.රජය මෙම පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 4,846ක මුදලක් වැයකරයි. මෙම පෙළ පොත් වර්ග 443 අතරට පිරිවෙන් පෙළපොත් 54ක් ද ඇතුළත් වේ.

3K1A9554
3K1A9504
3K1A9474
3K1A9404-1
3K1A9394
3K1A9335
3K1A9312
3K1A9320
3K1A9292
3K1A9287
3K1A9286