Latest News

principal

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සියයට සියයක් සම්පූර්ණ කිරීමට පියවර ගන්නවා - අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

2020 ජනවාරි මාසයෙන් ඇරඹෙන පළමු පාසල් වාරය තුළ ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩුවලින් 50%ක් පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. එමෙන් ම ඉතිරි පුරප්පාඩු සියල්ල දෙවැනි පාසල් වාරය තුළ සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

දිවයින පුරා පිහිටි ජාතික පාසල් 278ක වසර නවයක් තිස්සේ විදුහල්පති පුරප්පාඩු පවතින බව මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, ඉදිරි මාස පහක් වැනි කෙටි කාලයක් තුළ මෙම වසර නවයක ප්‍රමාදය නිසා මතු ව ඇති ගැටළුව නිරාකරණය කර මෙරට ජාතික පාසල් පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Read more ...

dis

ජනවාරි 24 දාට යෙදෙන සාරධර්ම දිනයට සමගාමීව සියලු පාසල්වල වැඩසටහන් රැසක් ...

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකරලීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කර ඇත. පුර්ණකාලීනව වර්ෂය පුරා සිසුන් ද ඇතුලුව පාසල් පද්ධතියට අයත් සියලු ප්‍රජාව සම්බන්ධ කර ගෙන සුදුසු වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට මේ අනුව පියවර ගෙන ඇත.

සාරධර්ම දිනය යෙදී ඇති ජනවාරි 24 වනදා පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.00 දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධව විශේෂ හඳුන්වාදීමේ මූලික වැඩසටහනකින් ආරම්භ කර යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් කීපයක් ද එදිනට ක්‍රියාත්මක කළ යුතුය.

Read more ...

edu pub

2020 වසරට අදාළ පෙළ පොත් මේ වනවිට සියලු පාසල්වලට බෙදා අවසන්- සිසුන්ට පෙළ පොත් ඌනතා ඇත්නම් වහාම දන්වන්න...

රජයේ සියලු පාසල්වලට 2020 වර්ෂයට අදාළ පෙළ පොත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට බෙදා අවසන් කර ඇති අතර, කොට්ඨාස හා පර්ෂද පාසල්වල පොත් බෙදාදීම ද අවසන් අදියරෙහි පවතියි.

පෙළ පොත් පාසල්වලට ලැබීමෙන් පසු පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව වෙනස්වීම හෝ ඉල්ලුම් කරන ලද සංඛ්‍යාවල සංශෝධන සඳහා අදාළ ඌනතා සම්පූර්ණ කිරීම මේ දිනවල සිදුකෙරෙන අතර, යම් පාසලක ඌනතා පවතී නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා (ලාල් චන්ද්‍රසිරි මහතා - 0112785306) අමතන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

vou

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර ඇති බවට ගෙන යන කටකතා සම්පූර්ණයෙන් ම සාවද්‍යයි..

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර ඇති බවට ඇතැම් පාර්ශව විසින් ගෙන යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැත. 2020 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ දී ගිහි සිසුන් සඳහා ශ්‍රේණි කාණ්ඩ තුනකින් සහ පැවිදි සිසුන් සඳහා ශ්‍රේණි කාණ්ඩ දෙකකින් හා නිල ඇඳුම් වර්ග හයකින් සමන්විත ව තිළිණපත් ලබාදීම සිදුකර ඇති අතර, පෙර වර්ෂයේ ලබා දී ඇති තිළිණපත්වල වටිනාකම මෙම වර්ෂයේ දී ද සියලු සිසුන් වෙත ලබා දී තිබේ.

මෙම වර්ෂයේ නිල ඇඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් රජය රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබුණි. ඒ අනුව, 1-5 ශ්‍රේණි ශිෂ්‍යයින් සඳහා 2017 සහ 2018 වසරවල රුපියල් 500ට තිබූ තිළිණපත් වටිනාකම 2020 වසරවල දී රුපියල් 525 දක්වා ද,

Read more ...

min

“ පළමු ශ්‍රේණියට බඳවා ගැනීමේ චක්‍රලේඛය නිවැරදි කළයුතුයි ” - අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් පසුගිය කාලය මුළුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කොට භාවිතා කළ චක්‍රලේඛයේ අතාර්කික මෙන්ම අසාධාර‍ණ කරුණු කිහිපයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිගමනය වී තිබේ.

පළමු වසරට ළමයින් බඳවා ගැනීමේ ජාතික උත්සවය සඳහා මාතලේ‚ විල්ගමුව‚ නාගොල්ල ප්‍රාථමික විදුහලට පසුගිය සිකුරාදා පැමිණි අවස්ථාවේ දී ගම්වාසී දෙමව්පියන් රාශියක් පැමිණ චක්‍රලේඛයේ මෙම අගතිගාමී කරුණු අවධාරණය කළ අතර, එහි සිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ද චක්‍රලේඛය ප්‍රායෝගිකව නොගැළපෙන බව තහවුරු කරන ලදී.

Read more ...

grr1

ප්‍රාථමික පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව (40) දක්වා වැඩිකිරීමේ තීරණය

පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ(35)ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් වේ.

මෙම අධිකරණ තීරණය සමාලෝචනය කොට අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහක්(40) දක්වා වැඩිකර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2020/01/02 දින ඉදිරිපත් කරනු ලැබූ පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ප්‍රාථමික පන්තීන් සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව, ප්‍රාථමික පන්තිභාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණයේ අපහසුතාවයන් අවසන් වනු ඇත. ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩිකිරීමේ තීරණයට පසුබිම නිර්මාණය වන්නේ ද මෙම ගුරු සහායකයින් පත්කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයයි.

අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසු දැනට රට පුරා දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් මුහුණ දී ඇති තවත් දුෂ්කරතාවක නිමාව සටහන් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වාසයයි.

demataoya 2

2020 වසරට අලුතින් සිසුන් තුන්දෙනයි. පාසලේ මුලු සිසුන් ගණන 04යි... ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවෙන් පාසලට සහන රැසක්

මධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 1ක් වන අතර ගුරුවරුන් හතර දෙනෙක් (04) සේවය කරයි.

ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් මෙම පාසලට පත්වීමට නියමිත ව සිටින අතර, මේ වනවිට සිසුන් සංඛ්‍යාව අඩුවීමට බලපා ඇත්තේ පාසලේ පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවීම හා පහසුකම් සහිත පාසල් කිහිපයක් එම පාසලට ආසන්නයේ පිහිටා තිබීමයි.

Read more ...

gr1 1

“දරුවන් කිසිවෙක් අසමතුන් නොවේ, දරුවන්ගේ සමත්කම් අවබෝධ කරගන්නට අපේ අධ්‍යාපන ක්‍රමය සමත් විය යුතුයි...” ‍‍ - අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

සමාජයේ ඇති අශිෂ්ටත ම බෙදීම දරුවන් සමතුන් සහ අසමතුන් ලෙස බෙදා වෙන්කිරීම බවත්, දරුවන්ගේ සමත්කම් නිසියාකාර ව හඳුනාගැනීමට රටේ අධ්‍යාපන ක්‍රමය සමත් විය යුතු බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මාතලේ නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ පැවති 2020 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුදරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

Read more ...

edu

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා‍ ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බළකායක්

දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා සියලු පාර්ශවකරුවන් සහ ආයතන සමග සම්බන්ධීකරණයෙන් යෝග්‍ය වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම සඳහා අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ නිර්දේශයට අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පියවර ගෙන ඇති අතර, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. එම කාර්ය සාධන බළකායේ නිලධාරීන් සඳහා අදාළ පත්වීම් ප්‍රදානය අද (14) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Read more ...

gr1

එකට එකතු වෙන දරුවන්ට ...

2020 වසරේ ජනවාරි 20 වැනි දින ඔබේ දරුවා පාසලට පැමිණෙන පළමු දවසයි. වසර පහක් පුරා ඔබේ දරුවා වැඩුණේ, රැකුණේ ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ආදරය, රැකවරණය සහ පෝෂණය ඇසුරුකරගනිමිනි. ඒ හා සමග දරුවාගේ මූලික චින්තන රටාව සංවර්ධනය කරන්නට ද මූලික දායකත්වය ලැබුණේ ඔබේ ගෙදර පරිසරයෙනි.

මෙතැන් සිට ඔබේ දරුවාගේ ජීවිතයට අලුත් ආදරණීයයන් පිරිසක් එක්වෙයි. ඔවුන් සමග දෙවැනි සංවර්ධන අවධිය පාසල තුළින් අරඹන ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්නට රටේ අධ්‍යාපන පද්ධතිය නිවැරදි දිශානතියක ගමන් කරවීම යුගයේ අවශ්‍යතාවයයි. ඒ සඳහා අවැසි සවිය, සහයෝගය මෙන් ම නිවැරදි තීන්දු තීරණ රටේ අධ්‍යාපන පද්ධතිය හරහා සවිබල ගැන්වීමට හැකි නිසි මගපෙන්වීම ලබාදීමේ වගකීම අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා සතුව පවතියි.

Read more ...