Latest News

school chil

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනක සේවාකාලයක් සපුරන සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් උපදෙස්

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අද (10) නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ, දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වන ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කරගැනීම ගැටළුවකින් තොරව සිදුකරගැනීමට අවකාශ සැලසීම වෙනුවෙනි. මේ තුළින් යහපත් මානසික තත්ත්වයකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමට ගුරුවරුන් පෙළඹෙනු ඇති බවත්, ඵලදායී සේවයක් ඔවුන්ගෙන් අධ්‍යාපන පද්ධතියට ලබාගැනීමට ඒ හරහා යම් දිරිගැන්වීමක් ද ලැබෙන බවත් අමාත්‍යතුමන් සඳහන් කරයි.

Read more ...

ncoe

2016 සහ 2017 උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීම සැප්තැම්බර් මුල් සතියේ...

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතියි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත සිසුන් 4000 බැගින් වන කණ්ඩායම් දෙකක් (සිසුන් 8000ක්) සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන විවිධ පාඨමාලා සඳහා බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් මාසයේ මුල් සතිය තුළ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් ව තිබේ.

2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන්ට විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අංක 2108 දරන 2019/01/25 දිනැති ගැසට් නිවේදනය මගින් සලසා දී තිබූ අතර, ඒ අනුව මෙවර ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව 68,000කි. මේ අතරින් සුදුසුකම් මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ සිසුන් සංඛ්‍යාව 28000ක් වන අතර, සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 134ක් යටතේ බඳවාගැනීමට නියමිත සිසුන් තෝරාගන්නා ලදී.

Read more ...

piriven

ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙසින් නව වැඩසටහන් රැසක්..

මෙරට අධ්‍යාපනයේ පැරණිතම විද්‍යස්ථානය වශයෙන් සැලකෙන පිරිවෙන  සුරක්ෂිත කොට පවත්වාගෙන යාම සඳහා 1980 දී එවකට අධ්‍යාපන අමාත්‍ය පදවිය හෙබැවූ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිරිවෙන් අධ්‍යාපන පනත සම්මත කොට ක්‍රියාත්මක කරවනු ලැබීය. ඒ අයුරින් වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වන පිරිවෙන් පනත සංශෝධනය කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක කළේය.

පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ උන්නතිය බැවින් ඒ උදෙසා 21 වැනි සියවසෙහි නව තාක්ෂණය ඔස්සේ ගිහි පැවිදි සිසුනට කඩිනමින් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීමට අවස්ථාව ලබා දීම මෙන්ම පිරිවෙන් ක්ෂේත්‍රය තුළ දශක හතරක් පුරා හඳුනාගත් විවිධ අවශ්‍යතා හා ඌනතා සම්පුර්ණ කිරිම හඳහා නෛතික ප්‍රතිලාභ සම්පාදනය ද පිරිවෙන් පනත සංශෝධනය කිරිමෙහි ප්‍රධාන අරමුණ විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයට උපදෙස් ලබා දි ඇත. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේද අධ්‍යාපනය පිළිබඳ ලෝක විද්වතුන් අතර පිරිවෙන් අධ්‍යාපනය ප්‍රචලිත කිරිමද මෙහි තවත් අරමුණකි.

Read more ...

lab

“කෘත්‍රිම ලෝකවල ඉන්න දරුවො හදල වැඩක් නෑ.. මිනිස්කම් හඳුනන දරුවන් ගොඩනැගීම පිළිබඳ ජයගත යුතු අභියෝගයක් අද අපට තියෙනවා...” - අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම්

රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කළ යුත්තේ කෘතිම ලෝකවල තනිවූ දරුවන් නොව ගුණදහම් සුරකින, මිනිස්කම් හඳුනන, සමාජයට යහපත සලසන දරුවන් බවත්, එවැනි දරුවන් ගොඩනැඟීම පිළිබඳ අභියෝගයක් අද අපට තිබෙන බවත්, බුදුදහම හරහා ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90 වැනි සංවත්සර සමරුවට සමගාමී ව කෝටි හතක මූල්‍ය ආයෝජනයෙන් ඉදිකෙරෙන බහුකාර්ය තාක්ෂණික ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

Read more ...

dancing

සමස්ත ලංකා පාසල් නර්තන තරගය නොවැම්බර් 02, සහ 03 දෙදිනට කල්තැබේ.

2019 ජුලි මස 13,14 දෙදින ගම්පහ නගර ආශ්‍රිත පාසල් 13ක දී සිසුන් 25000කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත ව තිබූ සමස්ත ලංකා පාසල් නර්තන තරගය නොවැම්බර් මස 02 සහ 03 දෙදින තුළ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ පළාත් ප්‍රධානීන් දැනුවත් කර ඇති අතර, අදාළ පාසල් දැනුවත් කිරීමට ද ඉදිරියේ දී පියවර ගැනේ.

vid

හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ බහුතාක්ෂණ විද්‍යාගාරය සහ පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල් ති‍බීමේ අවස්ථාව

හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90 වන සංවත්සරය නිමිත්තෙන් බහුතාක්ෂණ විද්‍යාගාරය සහ පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම හා සමරු ඵලකය විවෘත කිරීම අධ්‍යාපන අමා‍ත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුලි මස 5වන සිකුරාදා) පස්වරුවේ පැවැත්වුනි.

ak 1

අධ්‍යාපනයේ විප්ලවීය වෙනස ඇති කරන්නට හැකිවුණේ අගමැතිතුමන්ගේ සහය නිසයි..” ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ දෙවැනි අදියරේ පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීමේ ජාතික උත්ස‍වයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

දරුවන්ගේ හෙට දවස අද දකින විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතරට අභිමානයෙන් එක්වන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන - දෙවැනි අදියර යටතේ රට පුරා ඉදිකළ පාසල් ගොඩනැගිලි 250ක් එකම දිනක සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ආරාධනයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන ඇතුළු මැතිඇමතිවරුන් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයන් සහ අධ්‍යාපන නිලධාරින් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (04) පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණි.

මෙහි දී උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍යවරයා,

Read more ...

ak

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශංසාව පිරිනමයි

වර්තමානයේ රට පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන දියුණුවට හේතුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනයෙහි වේගවත් සංවර්ධනයක් ඇති කළ හැකි පුද්ගලයා අකිල විරාජ් කාරියවසම් මහතා බැවින්, තමා අධ්‍යාපන අමාත්‍යධූරය ඔහුට ලබා දුන් බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

21 වැනි සියවසෙහි අභියෝගවලට මුහුණදිය හැකි සිසු දරුවන් බිහි කිරීම සඳහා නවීන තාක්ෂණ දැනුම ලබාදීම පිණිස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ස්තුතිය පිරිනැමුවේය.

Read more ...

17 1

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටට දායාද කරන' ළඟම පාසල - හොඳම පාසල වැඩසටහනේ 'නව පරිච්ඡේදයක් ආරම්භ කළ අයුරු..

එදා මෙදාතුර මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්ත ම ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල්වල ඉදිකළ ගොඩනැගිලි 250ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කිරීමේ ජාතික මහෝත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සහ මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් අද (4) පෙරවරු 10.00 ට පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණි.

මීට සමගාමී ව පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නව දේශන ශාලා සංකිර්ණය, සුහුරුපන්ති කාමර හා ශ්‍රවනාගාරය විවෘත කිරීම ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

 

 

Read more ...

smart

“පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළ විවේචනය කරන අයට අප ගත් ඉදිරි පියවර යම් දිනක අවබෝධ වේවි” - අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්


මොහොතින් මොහොත වෙනස් වන දැනුම සමග නිරන්තර ව යාවත්කාලීන වෙමින්, නව ලොවට පිවිසෙන පුළුල් ඉඩහසර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ද ලබාදීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ටැබ් පරිගණක පාසල් පද්ධතියට හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සියලු විධිවිධාන යොදා තිබේ.

මෙම වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන් වෙත ටැබ් ලබාදීම සිදුකෙරෙන අතර, ඉදිරියේ දී අධ්‍යාපන පද්ධතිය තුළ සිටින සියලු පාසල් දරුවන්ට සහ සියලු ගුරුවරුන්ට ටැබ් පරිගණක භාවිත කරමින් අධ්‍යයන කටයුතු කරගෙන යාමේ මෙම සුවිශේෂ අවස්ථාව ලබාදීමට අපේක්ෂිතය.

Read more ...