Latest News

ak

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශංසාව පිරිනමයි

වර්තමානයේ රට පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන දියුණුවට හේතුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනයෙහි වේගවත් සංවර්ධනයක් ඇති කළ හැකි පුද්ගලයා අකිල විරාජ් කාරියවසම් මහතා බැවින්, තමා අධ්‍යාපන අමාත්‍යධූරය ඔහුට ලබා දුන් බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

21 වැනි සියවසෙහි අභියෝගවලට මුහුණදිය හැකි සිසු දරුවන් බිහි කිරීම සඳහා නවීන තාක්ෂණ දැනුම ලබාදීම පිණිස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ස්තුතිය පිරිනැමුවේය.

Read more ...

17 1

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටට දායාද කරන' ළඟම පාසල - හොඳම පාසල වැඩසටහනේ 'නව පරිච්ඡේදයක් ආරම්භ කළ අයුරු..

එදා මෙදාතුර මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්ත ම ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල්වල ඉදිකළ ගොඩනැගිලි 250ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කිරීමේ ජාතික මහෝත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සහ මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් අද (4) පෙරවරු 10.00 ට පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණි.

මීට සමගාමී ව පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නව දේශන ශාලා සංකිර්ණය, සුහුරුපන්ති කාමර හා ශ්‍රවනාගාරය විවෘත කිරීම ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

 

 

Read more ...

smart

“පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළ විවේචනය කරන අයට අප ගත් ඉදිරි පියවර යම් දිනක අවබෝධ වේවි” - අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්


මොහොතින් මොහොත වෙනස් වන දැනුම සමග නිරන්තර ව යාවත්කාලීන වෙමින්, නව ලොවට පිවිසෙන පුළුල් ඉඩහසර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ද ලබාදීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ටැබ් පරිගණක පාසල් පද්ධතියට හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සියලු විධිවිධාන යොදා තිබේ.

මෙම වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන් වෙත ටැබ් ලබාදීම සිදුකෙරෙන අතර, ඉදිරියේ දී අධ්‍යාපන පද්ධතිය තුළ සිටින සියලු පාසල් දරුවන්ට සහ සියලු ගුරුවරුන්ට ටැබ් පරිගණක භාවිත කරමින් අධ්‍යයන කටයුතු කරගෙන යාමේ මෙම සුවිශේෂ අවස්ථාව ලබාදීමට අපේක්ෂිතය.

Read more ...

sch

සිසුන් ඇතුළත්කිරීමේ ක්‍රියාවලිය තුළ විනිවිදභාවය තහවුරු කරමින්, 2019 වසරේ ජාතික පාසල් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් උපදෙස්

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නොකඩවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දිනපතා විශාල ඉල්ලීම් ප්‍රමාණයක් යොමු වෙනවා. එහෙත් පාසල්වල පවත්නා පුරප්පාඩු සහ චක්‍රලේඛ උපදෙස් සැලකිල්ලට ගනිමින්, පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු සිදුකිරීමේ දී බොහෝ ඉල්ලීම් ඉටු කිරීමට සාධාරණ හැකියාවක් නොපවතින අතර, මේ තත්වය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමින්, දිනපතා අමාත්‍යාංශය වෙත පැමිණීමෙන් දරුවාට පාසලක් ලැබේයැයි විශ්වාස කරමින් දෙමව්පියන් නිරන්තරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන අතර, දිගුකලක් තිස්සේ අධ්‍යාපන පද්ධතිය තුළ නොවිසඳුණු මෙම ගැටළුව කෙරෙහි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය පූර්ණ අවධානය යොමු කර තිබේ.

Read more ...

spo

අභියෝග ජයගනිමින් ගත් තවත් අධ්‍යාපන තීන්දුවක් පලදරමින් ජාත්‍යන්තර හෝ ජාතික තලයේ ක්‍රීඩාකුසලතා සහිත ක්‍රීඩා පුහුණුකරුවන් පාසල් පද්ධතියට...

ක්‍රියාශීලී දරුපරපුරක් පාසල් පද්ධතිය තුළ ගොඩනැඟීමේ ක්‍රියාවලියට දායකත්වය සපයමින් පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් ප්‍රායෝගික ව කටයුතු කළ හැකි ක්‍රීඩා පුහුණුකරුවන් 502 දෙනෙකුට අද පත්වීම් ලබාදෙනු ලැබීය. ඒ අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊයේ (02) මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේ මෙම පත්වීම් ප්‍රදානෝත්සවය පැවැත්වුණි.

ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීමේ වැඩපිළිවෙළ අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ අතර, අද ක්‍රියාත්මක වූයේ, එහි දෙවැනි අදියරයි. ඒ අනුව, එකවර පාසල් පද්ධතියට ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් මුදාහැරෙනුයේ ඉතිහාසයේ පළමු අවස්ථාවටයි.

මෙසේ ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බඳවාගන්නා ලද්දේ, ජාත්‍යන්තර හෝ ජාතික තලයේ සුවිශේෂ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ලෙස ප්‍රායෝගික අත්දැකීම් ලබා ඇති අයයි. විභාග සුදුසුකම් මත සිදුකරන සාම්ප්‍රදායික බඳවාගැනීමේ ක්‍රමවේදයට ඉදිරිගාමී පියවරක් එක් කරමින් ක්‍රීඩාව ප්‍රායෝගික ව හුරුව සිටින අයගෙන් රටේ පාසල් දරුවන්ට ක්‍රීඩා පුහුණුව ලබාදීමට ගත් අභියෝගාත්මක ප්‍රයත්නයක් ඉටු වූ අවස්ථාවක් ලෙස තමා ඉතා සතුටට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම බඳවාගැනීම් සම්බන්ධ ව සිය අදහස් පළ කරමින් කියාසිටියා.

Read more ...

spc

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් සියයට 30 වට්ටමක මිල දී ගතහැකි නව අලෙවිහලක් ඉසුරුපායේ විවෘතයි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් ඇතුලු නිෂ්පාදන අඩු මිලට ලබා ගත හැකි අලෙවිහලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටි පැලවත්ත ඉසුරුපාය ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ඉකුත් දා විවෘත විය.

සංස්ථාවේ අභ්‍යාස පොත් සියයට 30 ක වට්ටමකින් මෙහි දි මිලට ගතහැකි බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අලෙවිහල විවෘත කිරීමේ අවස්ථාවේ දී ප්‍රකාශ කළේය.

ඉසුරුපායෙහි කාර්යමණ්ඩලයට මෙන් ම පැලවත්ත අවට පාරිභෝගිකයන්ට සංස්ථාවේ උසස්ම තත්ත්වයේ නිපැයුම් මිලට ගතහැකි පහසුකම් ලබාදීම මේ අලෙවිහළ විවෘත කිරීමේ අරමුණ බව ද අමාත්‍යවරයා පැවසුවේය.

Read more ...

vav

‘වැවර්ලි’ අන්තර්ජාතික පාසල් නෙට්බෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩිකාවන්ට අධ්‍යාපන ඇමති අතින් ගුවන්ටිකට් පත්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්විමට නියමිත ‘වැවර්ලි’ අන්තර්ජාතික පාසල් නෙට්බෝල් ශූරතාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පාසල් ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය මගින් පාසල් අතරින් තෝරා ගන්නා ලද මෙම ක්‍රිඩිකාවන් සහ ඔවුන් භාර ව මෙම තරගාවලියට සහභාගී වන ගුරුමහත්ම මහත්මීන් පස් දෙනෙකු වෙත අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

Read more ...

25 1

අධ්‍යාපන ක්ෂේත්‍රයට විප්ලවීය ප්‍රවේශයක් ලබාදෙමින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට හැකිවීම අප ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් - අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම්

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට විප්ලවීය ප්‍රවේශයක් ලබාදෙමින්, තවත් ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට ඊයේ (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. මෙය මෑතකාලීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශිෂ්ට ජයග්‍රහණයක් බවත්, එය සිසු දරුදැරියන්, ගුරුභවතුන්, දෙමව්පියන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු පාර්ශවයන්ට අතිශයින් සතුටට පත්විය හැකි මොහොතක් බවත්, අමාත්‍යවරයා සදහන් කළේය.

Read more ...

edu prin

අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ගත් ඓතිහාසික සහ විප්ලවීය තීන්දුවක් ක්‍රියාවට නංවමින් ජාතික අධ්‍යාපන පනත කරලියට...

අනාගත මානව සම්පත් නිර්මාණය කිරීම වෙනුවෙන් සැබෑ පිටුබලයක් ලබාදෙන, ඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇතුළත්, තිරසාර නව ජාතික අධ්‍යාපන පනතක් සකස්කිරීමට දේශපාලන නායකත්වය ලබාදීමට තමන්ට හැකිවීම පිළිබඳ සතුටට පත් වන බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම් අනුව අලුතින් සකස් කරන ලද ජාතික අධ්‍යාපන පනත් කෙටුම්පත ඊයේ (20) අවසන් සංස්කරණ සහ සමාලෝචනය සඳහා එළිදක්වනු ලැබු අතර, එහි දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

Read more ...

3K1A9719

‘‘ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කරනවා’’ - අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

දියුණු අධ්‍යාපනයක් පවතින රටවල කඩඉම් විභාග පැවැත්වීමට ප්‍රමුඛතාව ලබා නොදෙන බවත්, ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ද පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා සමත් අසමත් භාවය මිස ලංකාවෙන් ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 64000ක ආයෝජනයෙන් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ වර්තමානයේ ක්‍රියාවට නැංවෙන විශාලත ම ව්‍යාපෘතියක් වන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ

Read more ...