Latest News

tab

“නවීන තාක්ෂණය යොදාගෙන දරුවන් අනාගතයට යැවිය හැකි වැඩපිළිවෙළ නතරකිරීමට කිසිවෙකුටවත් බැහැ .. “අපි දරුවන්ට දෙන්නෙ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රමිතිය තහවුරු කළ ටැබ් පරිගණකයක්..” - අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

නවීන තාක්ෂණය යොදාගෙන දරුවන් අනාගතයට යැවිය හැකි වැඩපිළිවෙළ නතරකිරීමට කිසිසේත් සූදානම් නැති බවත්, දරුවන්ට ලබාදෙන්නේ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රමිතිය තහවුරු කළ ටැබ් පරිගණක පමණක් බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මෑතකාලීන අධ්‍යාපන ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (24) අධ්‍යාපන අමාත්‍යාංයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

Read more ...

rain

විශේෂ මාධ්‍ය නිවේදනය

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්ක දෙකෙහි සියලුම පාසල් හෙට සහ අනිද්දා දෙදින (2019-09-24 සහ 25) වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

special

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම 2018(2019) සඳහා 2019.09.21 දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ පත්වීම් ප්‍රධානෝත්සවය එදිනට එපරිදි නොපැවැත්වේ.

op

“ගතවූ වසර හතරහමාරක කාලය තුළ මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිමය කළා” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

ගතවූ වසර හතරහමාරක කාලය තුළ මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරෙන ගෘහස්ත ක්‍රීඩාගාරය, පිහිනුම් තටාක සංකීර්ණය, දන්ත ශල්‍යාගාරය හා ශ්‍රවනාගාරය විවෘත කිරීම සහ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වෙනුවෙන් පසුගියදා (19) පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

තමා අධ්‍යාපනය ලැබූ පාසල වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පැමිණ යමක් කරන්නට හැකිවීම පිළිබඳ විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු ලෙසත්, රටේ අධ්‍යාපන ඇමති ලෙසත්, ප්‍රදේශයේ දේශපාලන නායකයෙකු ලෙසත් බොහෝ සතුටට පත්වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,“ ජනාධිපතිවරයා වෙන පක්ෂෙක.. පළාත් සභා වෙන පක්ෂෙක. අපි වැඩ කළේ බහුතරයක් සිටි ආණ්ඩුවක නෙමෙයි. ඒත් අපි ඉතා විශාල වැඩ ගොඩක් කළා. ළඟම පාසල - හොඳම පාසල මගේ සංකල්පයක්. අපි ඇවිදගෙන පාසලට ගිය අය. ඒත් අද වගේ වෙහෙසකර විදියට නෙමෙයි අපි අධ්‍යාපනය ලැබුවෙ. නගරයෙ තියෙන පහසුකම් ගමේ පාසල්වලට දෙන්න අපි තීරණය කළේ ඒකයි. එදා මං අමාත්‍යවරයා හැටියට වැඩ පටන්ගන්න කොට මේරටේ පාසල්වලින් විදුලිය තිබුණෙ සියයට 60කට. අද සියයට 98ක් පාසල්වලට විදුලිය තියෙනවා. පහසුකම් අඩු පාසල් 3000කට ජංගම විද්‍යාගාර කට්ටල ලබාදීලා තියෙනවා. අනාගතය දෙස බලමින් දරුවන් වෙනුවෙන් ඩිජිටල් පන්ති කාමර ඇතිකරල තියෙනවා. ඩිජිටල් ගුරුවරුන් ලබාදීලා තියෙනවා. දැනුම වේගයෙන් වෙනස් වෙනවා මේ කාලේ. නව තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යා යුතුයි. ඔක්කොම බැනුම් අහගෙන මේවා කරන්නෙ ඒකයි“ යනුවෙන් පැවසීය.

පාසල් විෂයමාලා යුගයේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේ වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව ද, සියලු විභාග ක්‍රමවත් ව විධිමත් ව පවත්වාගෙන යාහැකි පරිදි විභාග දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගත කළ බවද, සුරක්ෂා රක්ෂණය හඳුන්වාදෙමින් රටේ සෑම දරුවෙක් ම රක්ෂණය කළ බවද, වෘත්තීය විෂයයන් 26ක් යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හඳුන්වාදෙමින් නව ලොව රැකියා අවස්ථා සඳහා දරුවන්ට ඉඩ ප්‍රස්ථා සකස් කරදුන් බව ද මෙහි දී වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන් ම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 6000කට ආසන්න පිරිසක් පද්ධතියට එක්කරගැනීමටත්, විදුහල්පතිවරුන් සහ පරිපාලන සේවයේ නිලධාරීන් 2000කට වැඩි පිරිසක් වෙත විදේශ පුහුණුව අවස්ථා ලබාදුන් බව ද, ඉදිරියේ දී ගුරු අධ්‍යාපනඥ සේවයට අලුතින් නිලධාරීන් 1500ක් බඳවාගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා “ මේ රටේ කලාප 98ක් තියෙනවා. එයින් 40ක ගුරු පුහුණු මධ්‍යස්ථාන තිබුණෙ නෑ . අපි අලුතෙන් ම අධ්‍යාපන කලාප 40ක ගුරු පුහුණු මධ්‍යස්ථාන හැදුවා. ඉස්සර විද්‍යාපීඨවලට අවුරුද්දකට ගත්තෙ 3000ක් විතර ගත්තෙ. අපි මේ පාර 8000ක් එකවර බඳවගන්නවා. තව අවුරුදු කිහිපයක් තුළ මේ රටේ ගුරු හිඟයක් ගැන හිතන්න වෙන්නෙ නෑ. මිලියන 3000ක මූල්‍ය ආධාර යටතේ අපි ජාතික තාක්ෂණ අධ්‍යාපන පීඨයක් හැදුවා. අධ්‍යාපනයේ ගුණාත්මකබව වැඩිකරන්න අවශ්‍ය වැඩකටයුතු තමයි අපට ඉස්සරහට කරන්න තියෙන්නෙ”යැයි ද පැවසීය.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පැවති පුරප්පාඩු 45000ක් හඳුනාගනිමින් පුවත්පත් දැන්වීමක් මගින් එම පුරප්පාඩු ප්‍රසිද්ධ කර මේ වනවිට දරුවන් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මැතිතුමා ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

school

නව ත්‍රෛභාෂා පාසලක් ආරම්භ කිරීමට මුල්ගල තැබේ...

දැයේ දරුවන්ගේ සුවහසක් අනාගත අපේක්ෂාවන් අධ්‍යාපනය තුළින් ඉටුකරලීම සඳහා “ළඟම පාසල හොඳම පාසල” බවට පත් කරන්නට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලබන විවිධ පියවර අතර තවත් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස නව ත්‍රෛභාෂා පාසලක් ඉදි කිරීමට මුල්ගල තැබීම සැප්තැම්බර් මස 20 වැනි දින මීරිගම දී සිදු කෙරේ.

ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත ඉදිකෙරෙන මෙම පාසල සඳහා මුල්ගල තැබීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාට ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් මෙම පාසල නම් කෙරෙන අතර මෙය අයත් වන්නේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයටය.

Read more ...

school-hoidays-in-Sri-Lanka

ඇමති උපදෙසින් ප්‍රථම වරට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු ප්‍රසිද්ධියට පත්කිරීම නිසා සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම වඩාත් විධිමත් ව හා විනිවිදභාවයෙන් සිදුකිරීමට පියවර ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථමවරට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය දා අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව, සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සැලසී තිබේ.

මීට අදාළ ව දිවයින පුරා පිහිටි ජාතික පාසල්වල 1,5,6, සහ 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව සහ බඳවාගැනීමේ ක්‍රමවේදය 2019-07-03 වැනි දින ජාතික පුවත්පත් මගින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවිය මගින් සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් ප්‍රසිද්ධියට පත්කරන ලද අතර, පුරප්පාඩු පවත්නා ඕනෑම ජාතික පාසලක් වෙත අයදුම්පත් යොමු කිරීමට එමගින් අවස්ථාව ලබාදෙන ලදී.

Read more ...

rugby

රාජ්‍ය සේවා සත් සාමාජික රග්බි ශූරයින්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

රාජ්‍ය සේවා සත් සාමාජික රග්බි ශූරතාව හිමි කරගැනීමට මෙවර අධ්‍යාපන අමාත්‍යාංශයේ රගර් ක්‍රීඩා කණ්ඩායම සමත් ව ඇති අතර, ඔවුන් පසුගිය දා (සැප් 10) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමු විය.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී ඉකුත් දා පැවති අවසන් මහා තරගයේ දී අධ්‍යාපන අමාත්‍යාංශ කණ්ඩායම ලකුණු 26-0 ක් ලෙස ප්‍රතිවාදි රේගු අධිකාරියේ කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්ව ඇත.

Read more ...

nsbs logo

ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහනේ ඉදිකිරීම් සම්බන්ධ කිසියම් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දීමට අවස්ථාව

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ක්‍රියාවලිය තුළ කිසියම් අක්‍රමිකතාවක්, මූල්‍ය අවභාවිතයක්, වංචාවක් හෝ නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සම්බන්ධ කිසියම් පැමිණිල්ලක් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට එම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

විවිධ දේශපාලන න්‍යාය පත්‍ර අනුව පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන ඇතැම් පාර්ශවකරුවන්ට ළඟම පාසල හොඳම පාසල වැනි දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයන්හි සැබෑ ප්‍රතිලාභ හඳුනාගත නොහැකි අතර, ඇතැම් පුවත්පත් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය යොදාගනිමින් මෙම වැඩසටහන මගින් ඉදිකෙරෙන පාසල් සම්බන්ධ විවේචන සිදුකරන්නේ ද, වරින්වර පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ ද, දරුවන්ගේ අනාගතය දෙස සුබවාදී ව දකින්නට අපොහොසත් වූවන් ලෙස සඳහන් කළ හැකිය.

Read more ...

sp 1

“අගමැතිතුමන්ගේ අප්‍රතිහත මගපෙන්වීම සහ සහයෝගය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේ කරන්නට අපට හැකිවුණා” - අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදුකළ දැවැන්ත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේ පාසල් පද්ධතියට දායාද කරන්නට හැකිවූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමන්ගෙන් ලැබුණු සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read more ...

paper markingp

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2019 අගෝස්තු පිළිතුරු පත් ඇගයීම් කටයුතු (11 අදියර)

2019 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමේ සඳහන් පාසල් 28 න් පහත නම් සඳහන් පාසල් 04 ක් පමණක් 2019.09.15 ඉරිදා සිට 2019.10.01 අඟහරුවාදා දක්වා සම්පූර්ණයෙන්ම ම වසා ඇගයීම් කටයුතු සිදු කර නැවත 2019.10.02 වන බදාදා විවෘත කරනු ලබන අතර අනෙක් පාසල් 24 හි, පාසලේ කොටසක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ. (ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් නාම ලේඛනය මේ සමඟ අමුණා ඇත)

ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් 04

01. කො/ආනන්ද විද්‍යාලය, කොළඹ 10

02. මහ/විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර

03. මා/මහානාම මහා විද්‍යාලය, වල්ගම, මාතර

04. කු/ලක්දාස් ද මෙල් මහා විද්‍යාලය, කුරුණෑගල