Latest News

re open

පාසල්වල සාමාන්‍ය පරිදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උපදෙස්

-පාසල් ප්‍රජාව නොමඟ යවමින් පාසල් කටයුතු කඩාකප්පල් කරන්නන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

ඒ අනුව මේ වන විට පාසල් වෙත සිසුන්ගේ පැමිණීම ඉහළ යමින් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපනය අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානින් වෙත උපදෙස් ලබා දී තිබේ.

Read more ...

sch re open

පාසල් පැවැත්වීම සාමාන්‍ය පරිදි, ආරක්ෂක අංශ, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුලු අධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම මාපියන්ගෙන් විශාල සහයෝගයක්

2019 වසරේ දෙවෙනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීම අද (06) සිදු විය. ඒ ආරක්ෂක මණ්ඩලය පුමුඛ ආරක්ෂක අංශ විසින් පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව දැනුම් දීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් අද දිනයේ සිසුන්ගේ පැමිණීම සාපේක්ෂව අඩු මට්ටමක පැවැති බව වාර්තා වී තිබේ.

විශේෂයෙන් අගනුවර ආශ්‍රිත පාසල්වල මෙම තත්ත්වය වැඩි වශයෙන් පැවැති අතර බොහෝ ග්‍රාමීය පාසල්වල දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැති බව එම ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් විසින් තහවුරු කර තිබේ.

අද (06) දිනයේ ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවැති අතර බොහෝ පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා රාජකාරියට වාර්තා කර තිබීම විශේෂත්වයකි.

ඒ අතරතුර ඇතැම් පාසල් වල් සිසුන්ගේ පැමිණීම 80% ඉක්මවූ අවස්ථාද වාර්තා විය.

Read more ...

notice

රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භය මැයි 13ට කල්යයි

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ වන්නේ මැයි මස 13 වන සඳුදා බව ය.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති විශේෂ ආරක්ෂක සැලසුමට අනුව මෙය ක්‍රියාවට නංවන බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Let s Talk Compressed

පීඩාවට පත් දරුවන් සඳහා මානසික උපදේශන

පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් කම්පනයට පත් පාසල් දරුවන් මානසිකව නඟා සිටුවීම පිණිස උපදේශන වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නඟන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

එම සිද්ධියට මුහුණදුන් සමහර දරුවන්ට සිය මවුපියන් අහිමි වී සිටින අතර තවත් සමහරකුගේ සහෝදර සහෝදරියන් මෙන්ම සමිප නෑ හිතමිතුරන් පවා වියෝව හෝ ආබාධිත තත්වයට හෝ පත්ව සිටින බැවින් එකී දරුවෝ බලවත් මානසික කම්පනයකට පත්ව සිටින නිසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රටවල ස්වේච්ඡා කණ්ඩායම් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක් වි කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

min

පාස්කු ඉරිදා අවාසනාවනන්ත සිද්ධියෙන් පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් විපතට පත් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මාපියන් වෙත රජයෙන් ලබාදෙන වන්දි මුදලට අමතරව සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ඉතා ඉක්මනින්ම ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ දෙගුණ කිරීමට හැකි වී ඇති බැවින් එම පිරිසට යම් අස්වැසිල්ලක් ලබා දීමට එමඟින් හැකියාවක් ලැබෙනු ඇති බවයි.

එම සිද්ධියට මුහුණ දුන් දරුවන්ගේ තොරතුරු ලබා ගැනිම සදහා විශේෂ වැඩසටහනක් පාසල් ආරම්භ වූ පසු ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

min

සඳුදා පාසල් ආරම්භ කිරීමට සූදානම්,ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක්- අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

සෑම පාසලකම ආරක්ෂාව තහවුරු වී තිබෙන බවට සියලු ආරක්ෂක අංශයන් හි පැහැදිලි එකඟතාවයක් ලබා ගෙන එළැඹෙන 06 වැනිදා පාසල් සියල්ල නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් ආරම්භ කිරීම සහ පාසල් හි ආරක්ෂක තත්ත්වය පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගියදා (02) පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දීය.

දිවයිනේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරමින් එකම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දී ඇති කරුණු 18 කින් සමන්විත දැනුවත් කිරීමේ චක්‍රලේඛය ද පාසල් ප්‍රධානීන් වෙත යොමු කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Read more ...

circular

පාසල්වල ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක්

පාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ.

ඒ අනුව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු 25/2019 දරන මෙම චක්‍රලේඛයට ඇතුළත් කර තිබේ.

පාසල් ප්‍රජාව දැනුවත් කිරීම යටතේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව, අවදානම් තත්ත්ව හඳුනා ගැනීම හා වළක්වා ගැනීම සම්බන්ධව සියලු කාර්ය මණ්ඩලය, සිසුන් දෙමාපියන් හා ආදි සිසුන් ඇතුළු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මෙම චක්‍රලේඛයෙන් දැනුම් දි තිබේ.

Read more ...

re correction

අ.පො.ස (උසස් පෙළ) විභාගය -2018

2018 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල 2019-04 30 දින නිකුත් වී ඇත. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන "www.doenets.lk" වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළු කිරීමෙන් ලබා ගත හැක. 

sports1

රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලාව

අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාව හා සෞඛ්‍ය,ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවන් ඒකාබද්ධව සංවිධානය කර ඇති  රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලා 2019/05/06 දින සිට පූර්ණ කාලීන නේවාසික පුහුණුවක් ලෙසින් අඛණ්ඩව සති 06 ක කාලයක් පුරා පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ. 

මෙම පුහුණු වැඩසටහන ආරම්භ කිරිමට පෙර 2019/05/05 දින පළාත් මට්ටමින් සමාරම්භක උත්සව පැවැත්විමට කටයුතු යොදා ඇත.  

Read more ...

voucher

පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රනය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය දිර්ඝ කිරීම.

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය 2019-04-20 දින දක්වා දීර්ඝ කරන ලද බව දන්වා සිටියත්, පාසල් පටන් ගන්නා දිනය 2019-05-06 දින දක්වා කල්යාම සැලකිල්ලට ගෙන, තිලිණපත්වල වලංගු කාලය 2019-05-31 දක්වා දීර්ඝ කරන ලදි.