Latest News

nsbs logo

ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහනේ ඉදිකිරීම් සම්බන්ධ කිසියම් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දීමට අවස්ථාව

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ක්‍රියාවලිය තුළ කිසියම් අක්‍රමිකතාවක්, මූල්‍ය අවභාවිතයක්, වංචාවක් හෝ නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සම්බන්ධ කිසියම් පැමිණිල්ලක් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට එම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

විවිධ දේශපාලන න්‍යාය පත්‍ර අනුව පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන ඇතැම් පාර්ශවකරුවන්ට ළඟම පාසල හොඳම පාසල වැනි දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයන්හි සැබෑ ප්‍රතිලාභ හඳුනාගත නොහැකි අතර, ඇතැම් පුවත්පත් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය යොදාගනිමින් මෙම වැඩසටහන මගින් ඉදිකෙරෙන පාසල් සම්බන්ධ විවේචන සිදුකරන්නේ ද, වරින්වර පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ ද, දරුවන්ගේ අනාගතය දෙස සුබවාදී ව දකින්නට අපොහොසත් වූවන් ලෙස සඳහන් කළ හැකිය.

Read more ...

sp 1

“අගමැතිතුමන්ගේ අප්‍රතිහත මගපෙන්වීම සහ සහයෝගය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේ කරන්නට අපට හැකිවුණා” - අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදුකළ දැවැන්ත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේ පාසල් පද්ධතියට දායාද කරන්නට හැකිවූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමන්ගෙන් ලැබුණු සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read more ...

paper markingp

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2019 අගෝස්තු පිළිතුරු පත් ඇගයීම් කටයුතු (11 අදියර)

2019 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමේ සඳහන් පාසල් 28 න් පහත නම් සඳහන් පාසල් 04 ක් පමණක් 2019.09.15 ඉරිදා සිට 2019.10.01 අඟහරුවාදා දක්වා සම්පූර්ණයෙන්ම ම වසා ඇගයීම් කටයුතු සිදු කර නැවත 2019.10.02 වන බදාදා විවෘත කරනු ලබන අතර අනෙක් පාසල් 24 හි, පාසලේ කොටසක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ. (ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් නාම ලේඛනය මේ සමඟ අමුණා ඇත)

ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් 04

01. කො/ආනන්ද විද්‍යාලය, කොළඹ 10

02. මහ/විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර

03. මා/මහානාම මහා විද්‍යාලය, වල්ගම, මාතර

04. කු/ලක්දාස් ද මෙල් මහා විද්‍යාලය, කුරුණෑගල

nsbs

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ තවත් පාසල් ගොඩනැගිලි 500ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්වෙයි

- ඒ හා සමගාමිව කහතුඩුව වෙනිවැල්කොළ විශේෂ අධ්‍යාපනය හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානය සිසු අයිතියට...

 

අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතර තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා සිදුකර ඇති මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 10,000කි.

Read more ...

teacher

ජාතික සහ පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ලබාදීමට සියලු කටයුතු සූදානම්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා 2015/2017 අධ්‍යයන වර්ෂයේ දී තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් ව පවතී.

මේ යටතේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ගුරු අධ්‍යාපන පාඨමාලා 31ක් යටතේ පුහුණුව ලැබූ ඩිප්ලෝමාධාරීන් 4286කට පත්වීම් ප්‍රදානය කෙරේ. සිංහල මාධ්‍ය ගුරුපත්වීම් 2340ක්, දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් 1300ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පත්වීම් 646ක් මීට ඇතුළත් ය. මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සැප්තැම්බර් 08 වැනි දා අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Read more ...

science

විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුන් සංඛ්‍යාව වැඩිවෙයි... අධ්‍යාපන අමාත්‍යාංශය විද්‍යා අධ්‍යාපනය ඉහළ නැංවීමට ගත් ක්‍රියාමාර්ග සාර්ථකයි

පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව 2018 වසරේ දී උසස් පෙළ හදාරන සිසුන් අතරින් විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඇතුළත් ව සිටින ශිෂ්‍ය සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩිවීමක් සිදුව තිබේ.

2014 වර්ෂයේ සිට මේ දක්වා අ.පො.ස උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සඳහා ඇතුළත් ව ඇති ශිෂ්‍ය සංඛ්‍යාව අනුව මේ බව තහවුරු වෙයි. ඒ අනුව, 2014 වර්ෂයේ විද්‍යාව විෂය ධාරාව හදාරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව 38,042ක් වූ අතර, එය ක්‍රමිකව වර්ධනය වී 2019 වසර වනවිට 41,168ක් දක්වා ඉහළ අගයක් වාර්තා කරයි. වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් විද්‍යා අංශය වෙත නැඹුරු වී ඇති බව ඒ අනුව පෙනී යයි. සාමාන්‍ය පෙළ විභාගයේ දී විද්‍යා විෂයය සමත්වන ප්‍රතිශතය එක් එක් වර්ෂයට අදාළ ව උච්චාවචනය වීමක් පෙන්නුම් කළ ද, සිසුන් උසස් පෙළ හැදෑරීමට විද්‍යා විෂය තෝරාගැනීමේ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම සාධනීය තත්ත්වයකි.

Read more ...

scholer bur

පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.

ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දක්ෂ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබා දුන් ශිෂ්‍යාධාරය, වසර ගණනාවකින් වැඩි නොකිරීම නිසා එම ආධාර මුදල ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය අද (03) අනුමත කළේය.

ශිෂ්‍යත්ව සමතුනට 6 වැනි ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) දක්වා අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා නිදහස් අධ්‍යාපනය අර්ථවත් කරමින් මේ ශිෂ්‍යාධාරය ලබා දෙයි.

Read more ...

ncoe new

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම්

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 2019 සැප්තැම්බර් මස 08 වැනිදා ඉරිදා පෙ.ව. 10.00 ට පැවැත්වේ.

විද්‍යාපීඨ 19කදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් විෂයයන් 31කින් පාඨමාලා හදාරා සිටින මෙම පිරිස, අධ්‍යාපන ඩිප්ලෝමාධාරී වෘත්තීය ගුරුවරුන් වශයෙන් සලකනු ලබයි. මෙම පිරිසෙන් 2340 දෙ‍නෙකු සිංහල මාධ්‍යයෙන් ද 1300 දෙ‍නෙකු දෙමළ මාධ්‍යයෙන් ද 646 දෙනෙකු ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද දෑ අවුරුදු පාඨමාලා හදාරා, වසරක කාලයක් සීමාවාසික ගුරු පුහුණුව සම්පූර්ණ කර සිටිති.

Read more ...

ncoe

‘අධ්‍යාපනයට කරන හැම වියදමක් ම ආයෝජනයක්’ - අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම්

අනාගතයට වැඩියෙන්ම ප්‍රතිලාභ ලැබෙන්නේ අධ්‍යාපනයෙන් බවත්, මේ නිසා අධ්‍යාපනයට කරන හැම වියදමක් ම ආයෝජනයක් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුයේ අද (31) කුලියාපිටියේ නාරංගල්ලේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා රජය හා කොරියානු ජන රජය එක්ව සකස් කළ ඒකාබද්ධ සැලැස්මක් අනුව, කොරියානු ජනරජයේ රුපියල් මිලියන 2500 සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 500ක මූල්‍ය ආයෝජනයකින් කුලියාපිටිය නාරංගල්ලේ අක්කර 16ක භූමිභාගයක මෙම විද්‍යාපීඨය ඉදිකෙරේ.

Read more ...

min

අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා “විද්වද්ජන ප්‍රසාදක” සම්මාන උපාධියෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ 2012-2017 පණ්ඩිතෝපාධි පිරිනැමීම සඳහා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ අද (29) සවස පැවති උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා “විද්වද්ජන ප්‍රසාදක” සම්මාන උපාධියෙන් පිදුම් ලැබුවේය.

මෙම සම්මාන උපාධිය අමාත්‍යවරයා වෙත පිරිනමා ඇත්තේ තිර අදිටනින් හා කැප වීමෙන් දැන උගත් දූ පුතුන් සමාජගත කරනු පිණිස සිදු කරන මෙහෙවර අගය කරනු පිණිසය.

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මෙ‍ම උපාධි ප්‍රදානෝත්සවය පවත්වනු ලැබීය.