Latest News

onlie

ඉතිහාසයේ පළමු වරට ගුරු-සිසු තොරතුරු Online ක්‍රමයට...

පාසල් පද්ධතිය සක්‍රීය ව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරක ම ජුනි මාසය වනවිට ලබාගන්නා පාසල් සංගණනය මගිනි. එහෙත් තොරතුරු තාක්ෂණයේ ප්‍රවණතා සමග අනාගතය වෙත පිවිසෙමින් සිටින යුගයක ඉතා ඉක්මණින් සහ වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකිවන පරිදි Online ක්‍රමයට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

Read more ...

tra

2020 වර්ෂය වෙනුවෙන් ජාතික පාසල් ගුරුමාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක්

ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර ජාතික පාසල් ගුරු මාරු අවසන් කිරීමට කඩිනමින් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන් ට උපදෙස් ලබා දී ඇත.

ජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇත.

එකම පාසලක අවුරුදු 10 ක් සේවය කරන ලද ගුරුවරුන්ගේ මාරුවීම් අයදුම්පත් 2,000 ක් පමණ සංඛ්‍යාවක් ද මෙම ඉල්ලුම්පත් 6,000 ට ඇතුළත්ය.

Read more ...

sanath-pujitha

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 2019 අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා දැනුම් දෙයි.

පාසල් 39 කදී ඇගයීම් මණ්ඩල 436 යටතේ පැවැත්වෙන මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 6976 දෙනෙකු සහභාගිවීමට නියමිතය.

ඇගයීම් කටයුතු සඳහා යොදා ගැනීමට යෝජිත පාසල් නාම ලේඛනය මෙතැනින් බා ගත කරගන්න.

ncoe

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4,286 දෙනෙකු‍ට ලබන මාසයේදී ගුරු පත්වීම්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත 2015‍/2017 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගනු ලැබූ ගුරු සිසුන් විසින් තුන් අවුරුදු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2019 අගෝස්තු 01 දින නිකුත් කරන ලද විභාග ප්‍රථීඵල මත 4,286 දෙනෙකු‍ට ලබන මාසයේදී ගුරු පත්වීම් ලබා දීම‍‍ට අධ‍‍්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙවර පත්වීම් ලබන පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා යොදා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read more ...

teacher

ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනයට පියවර

ගුරුවරුන් මාරු කිරීම සඳහා 2007 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ගුරුවරුන්ගෙන් ඉටුවන හා ඉටුකරන ජාතික සේවාව පූර්ණ සැලකිල්ලට ගෙන ඉතා සාධාරණ ස්වාධින හා විනිවිද පෙනෙන ගුරුමාරු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බවට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ අංශවලට ලබා දුන් උපදෙස් අනුව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වේ.

Read more ...

hot

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට රැකියාගත වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ද එක් වෙයි.

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් 2017 වසරේ සිට ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස්‍ පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට සිය රැකියාගත වෘත්තීය පුහුණුව ලබාදිමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික පුහුණු ආයතන රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ ව සිටියි.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ද මෙම වැඩසටහන යටතේ උසස් පෙළ හදාරන සිසුන් වෙත NVQ 04 මට්ටමේ වෘත්තීය පුහුණුව ලබාදීමට එකඟතාවය පළකර ඇති අතර ඊට අදාළ සහයෝගීතාව තහවුරු කිරීමේ අවබෝධතා ගිවිසුම පසුගිය දා (2019-08-01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන ලේකම් එම්.එන් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති දිලිප් ද සිල්වා මහතා විසින් අත්සන් කෙරිණි.

Read more ...

sports

සේවාරම්භක පුහුණුව නිම කළ නවක ක්‍රීඩා පුහුණුකරුවන් පාසල් වෙත ස්ථානගත කර අවසන්

පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාව වර්ධනය කිරීමත්, මනා පෞරුෂයකින් යුත් සමාජයානුයෝගී පරපුරක් පාසල් පද්ධතියෙන් බිහිකිරීමත් අරමුණු කරගනිමින්, පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතිය වෙත බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් යටතේ පසුගිය දා පියවර ගැණිනි.

ඒ අනුව ඉතිහාසයේ පළමුවරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් විවිධ ක්‍රීඩා ඉසව් තුළින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයින් 3388 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ‍ ලෙස අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගනු ලැබූ අතර, ඔවුන් අදියර දෙකක් යටතේ සේවාරම්භක පුහුණුවකට යොමු කරන ලදී.

Read more ...

prin

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවිය හැකි අක්‍රමිකතා මැඩළීමට විදුහල්පතිවරුන් දැනුවත් කෙරේ.

ලබන වසරේ දී රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට හා අතරමැදි ශ්‍රේණිවලට ළමයින් ඇතුළත් කිරීමේ දී ඇතිවිය හැකි අක්‍රමිකතා මැඩළීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විදුහල්පතිවරු දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරයි.

අල්ලස්, දූෂණ හා වෙනත් අක්‍රමිකතාවලින් තොරව චක්‍රලේඛ ප්‍රකාරව විනිවිද පෙනෙන ආකාරයෙන් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක් ම ගත යුතු බවට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ලබා දී ඇති උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී ශාඛාව හා එක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙම වැඩසටහන මෙහෙයවයි.

Read more ...

pirivena

වසර අවසානයට පෙර පිරිවෙන් 120 ක ඉදිකිරිම් නිම කිරිමට උපදෙස්

සෑම පළාතක් ම නියෝජනය වන පරිදි තෝරා ගෙන ඇති පිරිවෙන් 120 ක ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් මේ වසර අවසානයට පෙර නිම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

රජයේ පාසල් අධ්‍යාපනයට සමානව පිරිවෙන් අධ්‍යාපනය සඳහා පිරිවෙන්වලට අවශ්‍ය සියලු පහසුකම් හිමිකර දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය නීතිඳ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලැබූ තීරණය අනුව මෙම කටයුතු සිදු කෙරෙන්නේ පිරිවෙන් අධ්‍යාපන ඉතිහාසයේ ප්‍රථම වරට බව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත වෙලගෙදර මහතා සඳහන් කරයි.

Read more ...