Latest News

vishoda

නිදහස් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ලබාදුන් තවත් පොරොන්දුවක් ඉටු කරමින් කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය හෙට (13) සිසු අයිතියට...

කුරුණෑගල මගුරුඔයවත්තේ අභිනවයෙන් ඉදිකරන ලද විශ්වෝදා විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන්, ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමන්ගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගුරුඔයවත්ත ප්‍රදේශයේ මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

Read more ...

tab

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන සූදානම් ...

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1AB ,කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළ වී තිබේ.

නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද මහතා ද එකඟතාව පළ කර තිබේ.

Read more ...

sch

චක්‍රලේඛ විකෘති කරමින් ඇතැම් වෘත්තීය සමිති සිසුන් සහ මාපියන් නොමග යවමින් නිර්ලජ්ජිත උත්සාහයක...

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් බලය පැවරී තිබූ 26/2018 චක්‍රලේඛය වහාම අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය 29 වැනි දා පියවර ගනු ලැබීය.

එම චක්‍රලේඛයේ දුර්වලතා හේතුවෙන් මවුපියන්ගෙන් මුදල් එක් රැස්කිරීමේ අනිසි බලතල විවිධ පාර්ශවයන්ට ලැබී තිබීම හේතුවෙන් මෙහි ඇති ගැටළුකාරී තත්වයන් පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් අදහස් පළ කර තිබුණි.

කෙසේ වෙතත් මෙම චක්‍ර ලේඛය අවලංගු කිරීමත් සමඟ පාසල්වල ප්‍රමාණාත්මක, ව්‍යූහාත්මක සහ සැලසුම්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද යම් යම් බාධා මතුවීම හේතුවෙන් පැවති දුර්වලතාවන්ට පිළියම් යොදමින් මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීමේ දී ඔවුන් වෙත අනවශ්‍ය බරක් නොපැටවෙන ලෙස එම චක්‍රලේඛය නැවත සකස් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබුණි.

Read more ...

oly

2016 හා 2017 අ.පො.ස ( උසස් පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුලත් කිරීම - 2018

2016 හා 2017 අ.පො.ස.(උ.පෙ) ප්‍රතිඵල මත 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අදාළව මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ අයදුම් කිරිම ද 2019.01.25 දින ගැසට් නිවේදනය තුල අනිවාර්ය කර ඇත.

එහෙත් මාර්ගගත ප්‍රවේශයේ දී බොහෝ අයදුම්කරුවන්ට ඊට ප්‍රවේශවීමේ අපහසුතා පැන නැගී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකි වූ හෝ නොහැකි වු හෝ සියලුම අයදුම්කරුවන් ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි නිසි උපදෙස් අනුකූලව විධිමත්ව සකස් කරන ලද අයදුම්පත්‍රයක් 2019.02.15 දින හෝ ඊට පෙර හෝ ලියාපදිංචි තැපෑලෙන් නියමිත ලිපිනයට යොමු කිරීම අනිවාර්යය වේ.

ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පතක් යොමු නොකරනු ලබන අයදුම්කරුවන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු වගකීමක් දරනු නොලැබේ.

books

“රට තුළ කියවීම් ප්‍රවර්ධනයට ගත හැකි සෑම පියවරක් ම ගතයුතුයි. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිහිටුවීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීමට ද ඉදිරියේ දී කටයුතු කරනවා.” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

දරුවන් තුළ මෙන්ම ගුරුවරුන් තුළ ද, ඒ හරහා සමස්ත සමාජය තුළ ද කියවීම් රුචිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් හැකි සෑම පියවරක් ම ගන්නා ලෙසත්, කියවීමට සුදුසු ගුණාත්මක පොත් බිහිකිරීම සහ ගුණාත්මක පොත් නිවැරදිව හඳුනාගැනීම වෙනුවෙන් පුරෝගාමී ව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය වෙත උපදෙස් ලබාදුන්නේය.

ඒ, පසුගියදා (31) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ පළමු සභා රැස්වීමට එක්වෙමිනි. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය 2012 වසරේ දී එවකට පැවති රජය විසින් කැබිනට් තීරණයක් මත අහෝසි කර තිබුණු අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් එය වසර හයකට පසු නැවතත් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read more ...

school chil

ජාතික පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ දී සිදු වූ බව පැවසෙන අසාධාරණයන් පිළබඳ සෙවීමට කමිටුවක්

2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (2019.02.05) අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාගේ සහාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. එහි සෙසු සාමාජිකයින් වන්නේ පාසල් කටයුතු අධ්‍යක්ෂ කමණී පෙරේරා මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක මහත්මියයි.

Read more ...

kul

දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණියත් අධ්‍යාපන පද්ධතිය තුළ කැපී පෙනෙන වෙනස්කම් සිදු කළා. - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

ශීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින නවීන ලෝකයට උචිත පරිදි අධ්‍යාපන පද්ධතිය යාවත්කාලීන කරමින් ජනතාවට ප්‍රතිලාභ අත්පත්කර දීමට පැවති ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බොහෝ සංවර්ධන යෝජනා එහි සිටි ඇතැම් පුද්ගලයින්ගේ බාධාකිරීම් හමුවේ සැලසුම් කළ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.

මීට අමතරව රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කළ වෙනත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ද සැලසුම් කළ පරිදි ඉටුකිරීමට මෙම පුද්ගලයින් බාධා කළ බැවින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා යාමට අපහසු වූ බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

Read more ...

clas

“පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යා සීමාව ඉක්මවා නොයා යුතුයි ” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

2021 වර්ෂය වන විට එක් පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් විය යුතු බවට වන ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙම වසරේ දී පාසල්වල පළමු ශ්‍රේණියේ එක් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 37 ක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.

ඇතැම් පාසල්වල දේශපාලනික හේතු සහ වෙනත් විවිධ හේතූන් මුල් කරගනිමින් එම තත්වයන් ඒ අයුරින් ම තවමත් ක්‍රියාත්මක නොවන බවට වාර්තා වී ඇති බව පැවසූ අමාත්‍යවරයා  ජාතික මට්ටමින් ලබාදෙන තීන්දු තීරණ වෙනස් කිරීමට හෝ ක්‍රියාත්මක නොකර සිටීමට කිසිවකුට හැකියාවක් නොමැති බව ද අවධාරණය ක‍ළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා ‍මේ අදහස් පළ කළේ, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ පසුගිය දා කුලියාපිටිය කිලින්පොල ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

Read more ...

13 1

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීමට නවක ගුරුවරුන් 123ක් අධ්‍යාපන පද්ධතියට...

“වේගයෙන් පුහුණු කළ හැකි මානව සම්පතක් අපට තිබුණත් වෘත්තීකයින් බිහිකිරීම ප්‍රමාණවත් නැහැ, එම හිඩැස පිරවීම රජයේ අරමුණයි” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

වේගයෙන් පුහුණු කළ හැකි හොඳ මානව සම්පතක් අප සතුව පවතින නමුත් තවමත් අපේ රට තුළ වෘත්තීකයින් බිහිකිරීමේ ප්‍රවණතාව ප්‍රමාණවත් නොවන බවත්, එකිනෙකාගේ දක්ෂතා අනුව විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරියට යා හැකි වෘත්තීකයින් බිහිකිරීම ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය යාවත්කාලීන කළ යුතු බවත් , 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාවක් හැදෑරීමේ අවස්ථාව මෙරට දරුවන්ට ලබාදීමට තමා පියවර ගත්තේ එම ඉලක්ක ජයගැනීම වෙනුවෙන් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ජාතික හා පළාත් පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ගුරුසේවයේ 3-1 ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන් 123 දෙනෙකු වෙත පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නිල උත්සව අවස්ථාවට එක්වෙමිනි.

Read more ...

book

පොතපතට ආදරය කරන සියලු හදවත් යලි පුබුදවමින් ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය වසර හයකට පසු නැවත වැඩ අරඹයි

(වර්ෂ 1972 සිට පුරා වසර 40ක කාලයක් මෙරට ග්‍රන්ථ සංවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් මාහැඟි මෙහෙවරක යෙදුණු ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ මණ්ඩලය එවකට පැවති රජයෙහි පටු දේශපාලන තීන්දුවක ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේ දී ‍කැබිනට් තීරණයක් මත අහෝසි කර තිබිණි. එයින් මතු වූ හිඩැස සපුරන්නට ආදේශකයක් නොවිණි. පොත් ලියන, පොත් කියවන, පොත් පළ කරන, මුද්‍රණ කාර්යයෙහි යෙදෙන, ‍පොත් අලෙවි කරන සියලු පාර්ශවකරුවන්ට ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය යලි ස්ථාපනය කිරීමේ සුබ පණිවුඩය ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ විශේෂ අවධානය ඒ වෙත යොමු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ ජුනි මස සිට ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය යලි ආරම්භ කරන ලදී. එහි නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරා වසර 10ක් (1987-1996) අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන් කටයුතු කළ පරිපාලන ක්ෂේත්‍රයේ මෙන් ම ග්‍රන්ථකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් සහිත ජයන්ත අල්විස් මහතායි. එතුමන් කලක් ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ උපසභාපති ලෙස ද කටයුතු කර ඇත. )

Read more ...