මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන අතර, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙස පාසල් ප්‍රජාව ප්‍රමුඛ සියලු දෙනා වෙත විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.

රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ඉතා දූරදර්ශීව බවත්, ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවනසුළු මෙබඳු පුවත් පළ කිරීම ඉතා කනගාටුදායක බවත් පෙන්වා දෙන විභාග කොමසාරිස්වරයා, තැපැල් හා විදුලි සංදේශන කොමිසන් සභාව වෙත අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

 

 

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටවිශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා පසුගිය සතියේ ලබා දී තිබූ අවස්ථාව නැවතත් එළඹෙන මැයි 27 බදාදා,  28 බ්‍රහස්පතින්දා, මැයි 29  සිකුරාදා යන තෙදින තුළ ද ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා ඇත.

මතුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් තම පාසලෙන් උසස් පෙළ සමත්වවිශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් නිකුත් කරනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයන්හි සහතික පත් ලබාගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම වෙනුවට මාර්ගගත (online)ක්‍රමයට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහන් කරයි.

රට තුළ මතුව ඇති කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සහතික පත් අයදුම්කරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීමේ දී සිදු විය හැකි අපහසුතා පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පහසුකම සලසා ඇත. ඒ අනුවප්‍රාචීන භාෂෝපකාර සමාගමේ www.oriental.lk වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අයදුම්කරුවන්ට මෙම සහතික පත් සඳහා අයදුම් කළ හැකිය.

The Ministry of Education informs all heads of schools to provide opportunities to the students who have sat for the advanced level examination and qualified for university entrance to get their entrance applications certified during the three days Wednesday 20th, Thursday 21st and Friday 22nd since the schools have been closed due to the spread of COVID 19 virus.

 The Ministry of Education further mentions that the principal or the deputy principal of respective schools to certify the applications of the students in their schools who have sat for the advanced level examination and qualified for university entrance, taking into consideration the emerged uncertain present situation and following the health protection methods recommended by the health authorities.

 

The Ministry of Education informs that all the teachers of national schools who had been temporarily attached to other schools and have completed that attachment period and also unable to report to their permanent service stations due to the current situation of spreading the COVID 19 virus in the country, must report back to their permanent schools where they receive the salaries on the date of reopening the schools.