The Minister of Education, Sports and Youth Affairs Dallas Alahapperuma states that the government will provide all the necessary facilities to ensure the full health protection of the school children in this country and take the steps to reopen the schools even at a time in a serious economic condition locally and globally as well due to the spread of COVID 19 virus.  

The minister expressed these ideas while participating in a special meeting today (14) held at the Ministry of Education with the attendance of all divisional and zonal education officers of the Western Province as a part of the series of programs covering all the provinces in the country regarding the steps that should be taken to reopen the schools in the future, continuation of educational activities and the preparation of school premises for that purpose.

Further expressing his views the minister said that the President of the country is not merely a politician but an able manager and a person working with a real understanding of modern technology. Therefore, more and more opportunities have been emerged to draw the attention for future endeavors of modern technology in the field of education in this country. In the face of the challenge of spreading corona virus, it has been able to use those technological practices very soon in the system of education. It is also a progressive situation to be happy that some schools as well as the Pirivenas have already taken steps to conduct virtual schools using the technological facilities, the minister said.

At the moment, many countries in the world are using the technology to its maximum for the teaching and learning process in the schools. Even the private sector leading entrepreneurs are  contributing to provide such facilities to the children in Sri Lanka and the priority will be given to take more beneficial decisions for the children, the minister further said. However, the percentage of Sri Lankans having the computer facilities is only 23% of the total population so far and the percentage of having television facility is 81%. We must also understand that there are people in this country even without a radio and the children in all those families are also ours, the minister emphasized.    

Although many people making loud voices on the stages demanding to allocate 6% of gross domestic product for education, the issue is not with the percentage of allocation but whether those allocations are utilized practically for the development of education at the grassroots levels, the minister mentioned. Just as the decision was taken to close down the schools understanding the situation prevailing in the country at the outset, the decision to reopen the schools will also be taken after taking all the necessary actions for the health protection of the children and after taking a correct assurance about that, the minister further stated.    

Even though there will be a high expenditure for providing at least two face masks to each student, temperature testing tools to schools and to provide basins of hand washing and water supply systems, the government will take actions to give those health protection facilities without being a burden to the parents at this moment. Active contribution of all who are engaged in the field of education at provincial, zonal and divisional levels is also sought for this purpose, the minister emphasized.    

 

 

 

 

- ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 89ක මූල්‍ය ආධාර 

රජය විසින් යෝජිතපාසල් සිසුන්‍ සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.

එමෙන්ම, covid 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ මතු ව පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව පවතින පාසල් 100 ක් හඳුනා ගනිමින් එම පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3 ක මූල්‍යාධාර ලබාදීමට ද මේ යටතේ එකඟතාවය පළකර ඇත.

මීට අමතරවදේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව රජය විසින් යෝජිත වැඩපිළිවෙළ අනුවසෞඛ්‍යාරක්ෂිත ආහාරපාන පාසල් තුළම පිළියෙළ කර ගැනීමේ වැඩපිළිවෙළක් සැලසුම් කරඒ සඳහා  පාසල් මුළුතැන්ගෙවල් ස්ථාපනය කිරීමටද ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 6ක මූල්‍ය ආධාර ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ - WFP (World Food Programme) ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Brenda Barton මහත්මිය ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අද(13) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකදී මෙම එකඟතාවන්ට එළඹිණි. අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද හා මහතා  සහ රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරින්  පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රට තුළ මතු වූ කොරෝනා  වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දමා තිබූ අතර, ගෙවි ගිය කාලය තුළ බොහෝ රජයේ නිලධාරීන් නිවෙස් ගතව රාජකාරි කටයුතු කිරීමෙහි යෙදුණි. අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත, වෛරස ව්‍යාප්තිය පාලනයට අනුගත වන අයුරින්  රජයේ අමාත්‍යංශවල නිලධාරීන්ට ආයතන ප්‍රධානීන්ගේ පූර්ව දැනුම් දීම් අනුව සේවය සඳහා වාර්තා කිරීමට අවස්ථාව සලසා තිබේ.

ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය මත ප්‍රමුඛ සේවා අවශ්‍යතා සහිත බවට කැඳවීම් කරන ලද සියලු නිලධාරීන් අද දින (11) සේවයට වාර්තා කරන ලදී. රජයේ සේවකයින් නැවත සේවයට කැඳවීමේදී අමාත්‍යාංශ විසින් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී තිබූ උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සහ උපකරණද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කර ලදී.

 

  • සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව කටයුතු  කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා (11) නිකුත් කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ පාසල් පරිශ්‍ර  පවත්වා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව මෙම චක්‍රලේඛය සම්පාදනය කර ඇත.

ඒ අනුව, සියලුම පළාත්, කලාප සහ ආයතන මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සක්‍රීයව පවත්වා ගනිමින් අදාළ ආයතන පරිශ්‍රයන්හි සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරගත යුතු බව අවධාරණය කර ඇත.

එහිදී සපුරාලිය යුතු අංග ලෙස සෑම පාසලකම/ අධ්‍යන ආයතනයකම පිවිසුම් ගේට්ටු සහ පිටවන ස්ථාන, පන්ති කාමර පරිශ්‍රයන්හි සහ වැසිකිලි පද්ධති ආශ්‍රිතව අත් සේදීමේ පහසුකම් සකස් කිරීම, අඛණ්ඩ ජල සැපයුම සඳහා පහසුකම් සම්පාදනය කරගැනීම, දැනට වෙනත් කාර්යයන් සඳහා පාසල හෝ ආයතන යොදාගෙන ඇත්නම්, පාසල් ආරම්භයට දින තුනකට පෙර, එම කාර්යයන් අවසන් කිරීම, ආයතන පරිශ්‍රයන් පිරිසිදු කිරීම, සියලු ස්ථානවල විෂබීජහරණයට පියවර ගැනීම, ආයතන සහ පාසල් ආරම්භයෙන් පසු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන අයවලුන් වෙනුවෙන් ගිලන් කාමරයක් පවත්වා ගැනීම, කාර්ය මණ්ඩල දැනුවත් කිරීම සහ අදාළ වගකීම් පැවරීම, දෙමව්පියන්, පාසල් ප්‍රජාව සහ ආදි ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම, පුද්ගල හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කිරීම, අපද්‍රව්‍ය අපහරණය හා පරිසරය පිරිසිදු කිරීම, මානසික සෞඛ්‍ය හා මනෝ සමාජයීය අවශ්‍යතා පිළිබඳ නිසි අවධානය යොමු කිරීම ඇතුළු උපදෙස් රැසක් මෙම චක්‍රලේඛය සමග සියළු පළාත්, කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ අනෙකුත් අධ්‍යයන ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කරනු ලබන මෙම චක්‍රලේඛයෙහි සහ ඊට සමගාමීව නිකුත් කරනු ලබන උපදෙස් සංග්‍රහයෙහි අන්තර්ගත කොට ඇත.

සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන සෞඛ්‍යාරක්ෂිත උපදෙස් සියල්ල නිවැරදිව අනුගමනය කරමින් සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු අනිකුත් සියලු අධ්‍යයන  ආයතනයන්හි සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ පූර්ණ තහවුරුවකින් පසු අදාළ ආයතන සහ පාසල් විවෘත කිරීමේ තීරණය ගන්නා බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

 

There is no truth in the news reported in some print media and web sites saying that the schools will be reopened under several stages, first for the students in advanced level classes and ordinary level classes and then gradually for all the other classes from 1st of June and the principals, teachers and other staff must report to work from 11th of May. The Secretary of Ministry of Education has not informed about this to any provincial authority or any other head of educational institute. The decision of closing down the schools was implemented by the Ministry of Education in Sri Lanka as soon as the first COVID 19 affected person was found even before the virus spreading in the country without putting the lives of all school children into danger. The decision of reopening the schools again will also be implemented in the same way of implementing those decisions with the responsibility of safeguarding the lives of the children in the country and understanding the value of those children, The Minister of Education, Sports and Youth Affairs Dallas Alahapperuma emphasized.   

The date of reopening the schools and the way of reopening will be decided later according to the instructions of the Ministry of Health and the policy decisions taken by the government. Expressing his views in this regard the Secretary of Education said that this decision will be implemented by the Secretary of Education after sensitizing the provincial education authorities and all other heads of institutions in the field of education. The Ministry of Education expresses its strong displeasure and objection to some media and web sites who are using their media irresponsibly and prejudicial way with the aim of fulfilling their narrow targets in a moment like this, in which all the communities not only as a country but also as a world have faced with such a crucial and challenging issue.