ශ්‍රී ලාංකීය පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින්, හැදෙන අපි හදන තැන තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පුර්ණ  ආශිර්වාදය හා  මගපෙන්වීම යටතේ   අධ්‍යාපන,  ක්‍රීඩා හා තරුණ  කටයුතු  අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ සංකල්පයක් අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ද සහයෝගයෙන් ජාතික රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් ගුරුගෙදර අධ්‍යාපන නාලිකාව  ක්‍රියාවට නැංවෙයි. එළඹෙන අප්‍රේල් මස 20 වනදා පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00  දක්වා ද රාත්‍රී 10.00 සිට රාත්‍රි 12.00 දක්වාද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ එක්වීමේ අවස්ථාව සිසු දරුදැරියන්ට හිමිවේ.

වැඩසටහන් සමාරම්භක දිනයෙන් පසු එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ.

මේ යටතේ උසස් පෙළ කලා විෂය  ධාරාව සඳහා සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද, වාණිජ විෂය ධාරාව සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද, විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද, තාක්ෂණ විෂය ධාරාව සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර, සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාල ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය. ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් සඳහා තාක්ෂණ හා සංවර්ධන සහාය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) ආයතනය, ධර්මවාහිනි ආයතනය, සහ DP අධ්‍යාපන ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සිටි. අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා  සංවර්ධන  අමාත්‍යාංශය,  තෘතීක හා වෘත්තීය  අධ්‍යාපන කොමිසම  මගින් ද  සෑම  දිනකම

රාත්‍රී 10.00  සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය.

 

 

 

Dear Sons and Daughters,

A new year means a dawn of an opportunity to start a new beginning for the life. An important cultural feature of Sinhala and Tamil New Year is the rituals of auspicious times. Among those rituals, to start work in an auspicious time is important for you as students.

The splendor of humanity is to celebrate some benevolent activities in any nation, religion or culture without any disparities. This is such a moment that perceives the necessity of such a noble human quality more than any other day. 

I invited all school children in Sri Lanka to write a book of high value. So, as a father I like to make an affectionate request to take the initial step of that great work of writing a book with a strong determination for a bright future while having a sacred expectation in the mind at this auspicious time of starting the work in the New Year.   

 Dear Sinhala, Tamil and Muslim Sons and Daughters,

Take the pen and pencil at the auspicious time of 10.30 pm on 13th which is the time for starting work in the upcoming New Year and turn your story worth of a country into a book worth of a country that will decorate our motherland with the prosperity and the radiation of unity in the future.  

Don’t let this opportunity go, at this moment when your motherland is trying hard for a better healthy future and we will make our country fragrant with ten thousand books of students that will bloom tomorrow. Let us give your message to the entire world.

Don’t give up… Let’s grab it without letting go… We will start the work of this New Year with this work of writing and drawing.

 

Dallas Alahapperuma

The Minister of Education, Sports and Youth Affairs

 

 

 

 

1. තම නිර්මාණ හැකියාව ඔප්නැංවීමේ අවකාශයක් ලැබීම හා එයින් සැලකිය යුතු අස්වැසීමක් සැනසීමක් ලැබීම. 

2. දරුවන් කියවන්නෙනේ නැහැ, ලියන්නේ නැහැ, යන්න වර්තමාන සමාජයේ ජනප්‍රිය මැසිවිල්ලක්. අඳුරට ශාප නොකර පහනක් හෝ දල්වන්න කියනවා වගේ, මැසිවිලිම කියමින් නිකංම සිටිනවාට වඩා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ම වැදගත් වෙවී.

දරුවන්ටත් මෙය වටිනා අවස්ථාවක්, ඒ සමාජයේ ජනප්‍රිය මැසිවිල්ල බොරු කියලා ඔප්පු කරන්න.

3. සෑම දරුවෙක්ම අපට රටක් වටින දරුවෙක්...

ඒ හැම දරුවෙක් ලඟම රටක් වටින කතාවක් ඇති...

ඉතින් මං අපේ දුවලා පුතාලා ගෙන් ආදරයෙන් ඉල්ලන්නෙ..

රටක් වටින ඔබ ලඟ ඇති ඒ රටක් වටින කතාව... රටක් වටින පොතක් බවට පරිවර්තනය කරන්න කියායි.

4. අපේ මාතෘභුමියේ මේ පිං බිම ස්පර්ෂ කරන සෑම දරුවෙක්ම අපට රටක් වටින දරුවෙක්. ඒ නිසා තමයි, රජයේ පාසැල්, පෞද්ගලික පාසැල් වලට පමණක් සීමානොවී, ජාත්‍යාන්තර පාසැල් වල අධ්‍යාපනය ලබන දරුවන්ටත් මෙම ව්‍යායාමයට දායක වන්නට ඉඩ ලබාදෙන්නට අප තීරණය කළේ.

ජාත්‍යාන්තර පාසැල් වල ඉගෙන ගන්නෙත් අපේම දරුවෝ...

එතැනිනුත් නොනැවතී අපි තීරණයක් ගත්තා, ජාත්‍යන්තර පාසැල් වල අධ්‍යාපනය ලබන විදේශ සිසු සිසුවියන්ටත් මෙම වෑයමේ කොටස් කරුවන් කරගන්නට.

එය රටක් හැටියට අපි මුළු ලෝකයටම දෙන වටිනාම පූර්වාදර්ශයක් වේවි.

මේ ආපදා අවස්ථාවේදී අනතුරට ලක්වුනු කිසිම විදේශීය ජාතිකයෙක්ට අපි කිසිම වෙනසක් නැතුව ශ්‍රී ලාංකික පුරවැසියෙකුට සලකන ආකාරයෙන්ම ඔවතැන් කලා.

එය තමයි අපි අභිමානයෙන් රැකගන්න අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය.

ඉතින් ඔවුන්ව සුවපත් කරන අපි, ඔවුන්ගෙ දරුවන් පිට දරුවො කියලා මොහොතකටවත් සිතන්නෙවත් සලකන්නෙවත් නැහැ.

මේ දරුවන් ගෙ අතිනුත් ඉතාමත් අපූරු නිර්මාණ බිහිවේවී. දියුණු රටවල් වල ඉපදුනු හැදී වැඩුනු දරුවො, මේ තීරණාත්මක අවස්තාවේ අපේ රට කටයූතු කරන ආකාරය සහ එහි ප්‍රතිඵල අද භුක්ති විඳිනවා. ඉතින් ඔවුන්ගේ නිර්මාණවලට එය යහපත් බලපෑමක් කරාවී.

මෙම වෑයමේ සාර්ථකත්වය රටක් විදිහට, ජාතියක් විදිහට, අපට සතුටුවෙන්නට පුළුවන් තැනකට අපව ගෙනයාවී.

දරුවො අහල ඇති දෙවන ‍ලෝක යුද සමයේ නාසි සොල්දාදුවන්ගෙන් දිවි බේරා ගැනීමට සැඟවී සිටියදී පොතක් ලියූ 15 හැවිරිදි දැරිය ඈන් ෆ්‍රෑන්ක් ගැන. ඇය මරණ බියෙන් වෙලෙමින් තමයි ඈන් ෆ්‍රෑන්ක් ගේ ඩයරිය රචනා කරේ.

ඇය මෙසේ කියා තිබූනා...

"මට ලියන කොට විතරයි සියළුම අපහසුතාවලින් මිදෙන්නට පුළුවන්. මගේ දුක නැතිවෙනවා විතරක් නොවෙයි, මගේ නිර්භීතකම නැවත උපදිනවා. "

 ඇයගේම වචන වලින් කියන්නේ, ආපදා අවස්තාවකදී මෙලෙස ලියන්නට පෙලඹීම කෙතරම් අස්වැසිල්ලක් ද කියන එකයි.

 මගේ දරුවො මේ අසමසම දැරිය ආදර්ශයට ගන්න..

 මගේ ආදරණීය දරුවනි. ලියන්න..

ලියන්න පටන් ගන්න...

මතක තියාගන්න පයිප්පය අරින කල් වතුර ගලා එන්නෙ නැහැ.

ඒ වගේම ලියන්න බය වෙන්න එපා...මොකද...

"වැරදි පිටුවක් හරිගස්සන්න පුළුවන්. හැබැයි හිස් පිටුවක් හරිගස්සන්න බැහැ.."

 

 

ඩලස් අලහප්පෙරුම

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි

 

 

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඩයලොග් ආසියාටා සමාගමේ මූලිකත්වයෙන් සහ තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන්, ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම, එයාර්ටෙල් ආයතනය, හච් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකාබෙල් යන දුරකථන සන්නිවේදන ආයතන එක්ව මෙම පියවර ගෙන තිබේ.

දෙමාපියන්ට තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකිය. මේ සඳහා දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැක. එක් එක් විෂයයන්  සම්බන්ධ පළපුරුදු ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගනු ලබන අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස සිංහල හා මව්බස දෙමළ යන විෂයන් සම්බන්ධව මතුවන ඕනෑම ගැටළුවකට මේ යටතේ පිළිතුරු ලබා දීමට කටයුතු යොදා ඇත. 

 

රජය විසින් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක දීම මෙරට දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද  දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් සේ අවධාරණය කර ඇති බවද අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

වසර 41ක ශ්‍රී ලාංකීය රූපවාහිනී  මාධ්‍යයේ සහ ශ්‍රී ලංකා අධ්‍යාපනයේ වඩාත් පරිණාමීය සහ සුවිශ්ෂී මන් සලකුණක් සනිටුහන් කරමින් ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනයෙහි නිරත වන සියලු ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපන කාර්යන් වෙනුවෙන් රූපවාහිනී නාලිකා දෙකක් වෙන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

දැනට උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වයන් හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය කිසිදු අයුරකින් පසුබෑමකට ලක් නොකොට අඛණ්ඩව පවත්වා ගැනීමත්, නිවෙස් වල සිටින සියලු ශිෂ්‍ය ප්‍රජාව දෛනිකව ඵලදායි ලෙස අධ්‍යාපන ක්‍රියාවලිය තුළ නිරත කරවීමත් මෙම අධ්‍යාපන නාලිකා පිහිටුවීමෙහි ප්‍රමුඛ අරමුණු වෙයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ දැනට ක්‍රියාත්මක අයි නාලිකාව සහ නේත්‍රා නාලිකාව ඒ අනුව එළඹෙන අප්‍රේල් මස විසි වන දින සිට අධ්‍යාපනය වෙනුවෙන්ම පූර්ණකාලීනව වෙන්කිරීමට පියවර ගෙන ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, පන්ති කාමර අධ්‍යාපනය අභිබවමින් ලොව පුරා බොහෝ රටවල් විද්‍යුත් ඉගෙනුම, ස්වයං අධ්‍යාපනය, දුරස්ථ අධ්‍යාපනය වැනි සංකල්ප වෙත ප්‍රවේශ වී සිටින බවද තවදුරටත් මෙරට දරුවන්ට ද එවැනි සංකල්ප  ආගන්තුක නොවිය යුතු බවද සදහන් කළේය.

මතුව ඇති තත්ත්වය හමුවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩිම අපහසුතාවට ලක්ව සිටින්නේ උසස්පෙළ දරුවන් බවද පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් මාස තුනක කාලයක් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වූ බවද සඳහන් කළ අමාත්‍යවරයා මෙම නව අධ්‍යාපන නාලිකා තුළ උසස්පෙළ දරුවන් සහ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, උසස් අධ්‍යාපන ලේකම් අනුර දිසානායක අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්  එම්. එන් චිත්‍රානන්ද, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න  ජාතික රූපවාහිනි  සංස්ථාවේ සභාපති  වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.