Write a book on holidays that schools have received due to the COVID-19 situation.

10,000 books will be selected from all the government schools island wide.

Selected best 100 books will be awarded during the Literary Month of 2020.

For more information visit www.e-thaksalawa.moe.gov.lk or www.natlib.lK

🔹This is a joint project of the Ministry of Education and the National Library of Sri Lanka.

 www.e-thaksalawa.moe.gov.lk

e-thaksalawa.moe.gov.lk

 

විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීමට අදාළව ලබා දී තිබූ කාලය රටේ පවත්නා වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් නැවත ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡාකර  මෙම කාලෝචිත තීරණය ගත් බව අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

 

2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය  කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

මුළු ලොවම ඛේදජනක ඉරණමකට ඇද දමා ඇති නව කොරෝනා (COVID -19) ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අප රටක් හා රජයක් ලෙසින් වඩාත් විද්‍යාත්මකව හා ධෛර්‍යයසම්පන්නව මුහුණ දෙමින් සිටින ඉතා තීරණාත්මක මේ මොහොතේ මෙවැනි  වගකීම් විරහිත ප්‍රකාශවල නොයෙදෙන ලෙස සියලු පාර්ශවයන් හට දන්වා සිටින අධ්‍යාපන අමාත්‍යාංශය , සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා  සිටින්නේ රජය විසින් නිකුත් කරන නිළ ප්‍රකාශ සහ පුවත් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසට ය.

2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව සියලු දුරකථන සමාගම් වල එකගත්වය මත මෙම පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108) ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23  සිට අවස්ථාව සැලසේ. ඉ-තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්‍රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමග එක්වීමට අවස්ථාව සැලසේ. 1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ විද්‍යුත් අන්තර්ගතයන්ද,  10 -11 ශ්‍රේණි සඳහා වීඩියෝ පාඩම් ද 1-13 ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ,අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර, 1 සිට 13 ශ්‍රේණිය දක්වා  විෂයානුබද්ධව සකස් කළ විනෝදාත්මක වැඩසටහන් e පුස්තකාල, ශබ්දකෝෂ, සහ තවත් කියවීම් ද්‍රව්‍ය රැසකින් සමන්විත වෙයි.

මෙරට කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි රෝගියා හඳුනාගත් අවස්ථාවේදීම රටේ දරුවන්ගේ නිසි ආරක්ෂාව උදෙසා පාසල් නිවාඩුව ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ගත් නිවැරදිවූත් කාලෝචිත වූ තීරණය වඩාත් අර්ථවත් වන්නේ මෙම නිවාඩු සමය තුළ දරුවන් ඉගෙනීම සඳහා  නැඹුරු කරවීමෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි. ඕනෑම දුරකථන ජාලයකින්  නොමිලේ e තක්සලාව වෙත පිවිස ඔබට ලැබී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් දරුවන්ට දැනුම් දෙයි.